Gossip

සන්ධ්‍යා එක්නැලිගොඩ ට්‍රම්ප්ගේ බිරිඳ මෙලනියා අතින් සම්මානයක් ගනී

එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා විසින් වාර්ෂිකව ප්‍රදානය කරනු ලබන ‘වසරේ දිරිය කාන්තාව’ සම්මානය මේ වසරේ ශ්‍රී ලාංකික කාන්තාවකට ද හිමි වී තිබේ.

අතුරුදහන් වූ සිය සැමියා වෙනුවෙන් යුක්තිය ඉටුකර ගැනීම සහ ශ්‍රී ලංකාවේ විවිධ ජනවාර්ගික හා ආගමික ප්‍රජාවන්ට අයත් පවුල්වල අතුරුදහන්වූවන් වෙනුවෙන් කළ මෙහෙය උදෙසා සන්ධ්‍යා එක්නැළිගොඩ එම සම්මානයෙන් පිදුම් ලබන බව කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත්කළ නිවේදනයක සඳහන්වේ.

සිය ස්වාමිපුරුෂයා වූ ප්‍රගීත් එක්නැළිගොඩ 2010 දී අතුරුදහන්වීමෙන් අනතුරුව එයට වගකිවයුත්තන් සොයාගැනීම පිණිස අරගලයක නිරතව සිටින ඇය, ඒ අතරවාරයේම අතුරුදහන්වූවන්ගේ පවුල්වලට සහයෝගය දැක්වීම පිණිස රටපුරාම සංචාරය කරයි.

“සත්‍යය සොයා යාම අපාරාධයක් නොවන අතර, අපරාධකරුවන් ආරක්ෂා කිරීම අපරාධයක්,” බව සම්මානය ලැබීම පිළිබඳව අදහස් දක්වමින් සන්ධ්‍යා එක්නැලිගොඩ පවසන්නීය.

ඒ පිළිබඳව අදහස් දක්වන කොළඹ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප්, “අතුරුදහන්වූවන් පිළිබඳ තොරතුරු සොයන ශ්‍රී ලංකාව පුරා සිටින කාන්තාවන්ගේ උත්සාහය සහ කැපවීම සන්ධ්‍යා නියෝජනය කරන,” බව සඳහන් කළාය.

ළමා විවාහවලට විරුද්ධවීම, ලිංගිකත්වය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය, නීති විරෝධී මිනිස් ප්‍රවාහනය සහ අන්තර් ආගමික සම්බන්ධතා වැඩිදියුණු කිරීම යන ක්ෂේත්‍රවල කැපී පෙනෙන මෙහෙයක් කළ තවත් ක්‍රියාකාරිනියන් 12 දෙනකු ද ඇය සමග මේ වසරේ සම්මාන ලබති.

2010 වසරේදී පුත්තලමේ ජන්සිලා මජීඩ් මෙම සම්මානයෙන් පිදුම් ලැබූ අතර, සන්ධ්‍යා එක්නැළිගොඩ ඇතුළු මේ වසරේ සම්මානලාභීන් 13 දෙනා මෙලනියා ට්‍රම්ප් ජනාධිපති ආර්යාව සහ උප රාජ්‍ය ලේකම් තෝමස් ඒ ෂනොන් අතින් වොෂින්ටන් නුවරදී සිය සම්මාන ලබාගැනීමට නියමිතය.

1 2 3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!