Gossip

කාන්තා ආකර්ශනයට ලොකු බඩක් හදාගන්න වෙරදරන පිරිමි

ලොකු බඩක් තියෙන ශරීරයක් තියාගන්න කවුරුත් කැමති නෑ. එහෙම තියෙන අයත් ව්‍යායාම් කරලා හරි ඇඟ අඩු කරගන්න තමයි උත්සාහ කරන්නේ.

හැබැයි මේ කියන්න යන්නේ ලොකු බඩකුත් එක්ක මහත් වෙන්න කැමති කට්ටියක් ගැන.

ඉතියෝපියාවේ දුෂ්කර නිම්න සහිත ප්‍රදේශයක ගෝත්‍රිකයන් පිරිසක් තමයි මෙහෙම කරන්නේ.

මේ ග්‍රෝත්‍රයට අයත් අවිවාහක පිරිමින් අතරින් වඩාත් තරබාරු ශරීරයක් තියන පුද්ගලයා තෝරන්න සෑම වසරකම තරඟයක් පැවැත්වෙනවා. ඒ වෙනුවෙන් මේ අය මාස 6 ක කාලයක් එළකිරි හා ගවයින්ගේ ලේ පානය කරනවා.

ගවයින්ගේ ශරීරයේ පුංචි සිදුරක් විදලා ලේ අරන් පස්සේ මැටි වලින් ඒ සිදුර වහලා දානවා මිසක ලේ ගන්නම මේ අය ගවයින් ඝාතනය කරන්නේ නෑ. මේ කාලය ඇතුලත් ඔවුන්ට කිසිම ලිංගික සම්බන්ධතාවක් පවත්වන්නත් තහනම්.

මාස 6ක් යනකම් මේ ගෝත්‍රයේ සිටින අවිවාහක කාන්තාවන් සෑම උදෑසනකම ඔවුන්ට එළකිරි හා ලේ ගෙනත් දෙනවා. මේ තරඟයෙන් කිසිදු ත්‍යාගයක් හිමි නොවුනත් ජයග්‍රහණය කරන පුද්ගලයාට විශාල ගෞරවයක් වගේම කාන්තාවන්ගේ ආකර්ෂණය හිමිවෙනවලු.

3ebb91f400000578-4360060-image-m-32_1490785728362 3ebb92a800000578-4360060-image-a-15_1490785471337 3ebb92c400000578-4360060-image-m-9_1490785256910 3ebb92d500000578-4360060-image-a-20_1490785541718 3ebb92f800000578-4360060-image-a-27_1490785625858 3ebb94c500000578-4360060-image-a-17_1490785490390 3ebb921b00000578-4360060-image-a-10_1490785270127 3ebb923200000578-4360060-image-a-13_1490785393405 3ebb924900000578-4360060-image-a-6_1490785222556 3ebb929000000578-4360060-image-m-26_1490785615813 3ebb935200000578-4360060-image-a-19_1490785505236

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!