Gossip

ෆේස්බුක් සටහනක් තබා නොඑන ගමන් ගිය අපේ වැඩකාරයෙක්!

 

cover

ඔහු නමින් සදීප. ෆේස්බුක් එකේ ඔහු ප්‍රසිද්ධ වෙලා හිටියේ විද්‍යාත්මක තර්ක එක්ක විවිධ ගැජට් ගැන යාළුවොන්ට කියලා දෙන තරුණයෙක් විදියට. ඔහුගෙම ෆේස්බුක් ගිණුමේ වීඩියෝ දාලා අපි නොදන්න ගොඩක් දේවල් ගැන ඔහු හරිම පැහැදිලිව යාළුවොන්ට කියලා දුන්නා.

සමහර වෙලාවට එක එක ගැජට් හදන්න ගිහින් වැඩේ වැරදුනාම ගොඩක් අය උදව් ගත්තේ සදීපගෙන්. ඒ විදියට හැමෝටම දැනුම් සාගරයක් වෙලා හිටපු ඔහු දවසක් ෆේස්බුක් එකේ Status  එකක් දාලා තිබුණේ මෙන්න මේ විදියට.

‘‘මචන්ලා ටික දවසකට මේ පැත්තෙ එන්න වෙන්නැහැ මට , ටටා බායි
videos දෙන්නම් ඊලග නිවාඩුවෙදි, ඒ කිව්වෙ අගෝස්තු වලින් පස්සෙ.
ආපහු එද්දි උඹලට මාව අමතක වෙලා තියේවිද දන්නැහැ.
එහෙම කරන උන්ව හැක් කරලා මරලා හංගලා හොයලා වලලලනවා මං.‘‘

ඒ විදියට අගෝස්තුවලින් පස්සේ එන්නම් කියලා ෆේස්බුක් එකෙන් ගියපු සදීප අන්තිමට නොඑන්නම ගිහින් කියලා ආරංචි වුනේ දවස් දෙකකට විතර කලින්. ඔහු අසනීප වෙලා රෝහල් ගතකරලා තියෙනකොට ඔළුවේ නහරයක් පුපුරාලා මියගිහින් කියලා තමයි යාළුවෝ කියන්නේ.

තාමත් ඔහුගෙන් දැනුම ලබාගත්තු අය වගේම ෆේස්බුක් එකෙන් යාළුවෝ විදියට අදුරගත්ත ගොඩදෙනෙක් ඉන්නේ එකපාරටම සදීපට වුනේ මොකක්ද කියලා හිතාගන්න බැරිව. අවාසනාවකට සදීප දැන් මේ ලෝකේ දාලා ගිහින්. අපේ රටට බිහිවෙන්න හිටපු තවත් දක්ෂ මොළකාරයෙක් නොහිතපු වෙලාවක යාළුවෝ හැමෝවම අඬවලා යන්න ගිහින්

g1

 

 

 

 

 

 

 

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!