Gossip

“මව්බිම” “මව්දින” වීමට හේතුව ප‍්‍රචාරණ ආයතනයේ වැඩක්!

cover

 

මව්වරුන්ගේ දිනය (2016.05.08) නිමිති කොට ගෙන ඉරිදා මව්බිම පුවත්පතෙහි නම ‘මව්දින’ ලෙස නම වෙනස් වී තිබුණි.

ශ්‍රී ලංකාවේ ජනප‍්‍රියතම ජාතික පුවත්පතක් වන මව්බිම පුවත්පත, මෙම නිර්මාණශීලී තීරණයට එළැඹ තිබුණේ ‘ට‍්‍රයඞ්’ වෙළඳ ප‍්‍රචාරණ ආයතනයේ අදහසක් අනුවය.

ජාතික පුවත්පතක නමක් වෙනස් වූ ප‍්‍රථම අවස්ථාව මෙය වන නිසා මෙම තීරණය අනිවාර්යෙන්ම ඉතිහාසයට එක්වෙනවා.

සෑම ඉරිදාවකම ලක්ෂ 6 කට අධික මව්බිම පුවත්පත් සංඛ්‍යාවක් පාඨකයන් අතට පත්වෙනවා.

ඒ නිසාම  එක්දිනක් තුළ එකවර ලක්ෂ සංඛ්‍යාත මව්වරුන් ප‍්‍රමාණයකටත්, දුදරුවන් ප‍්‍රමාණයකටත් මව්වරුන්ගේ දිනය සුවිශේෂ වී තිබුණා.

ඒ සඳහා මෙම නිර්මාණශීලී අදහස මූලිකව බලපෑ බව බොහෝ දෙනෙකුගේ අදහසයි.

cover

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!