Gossip

ආදරය ඇතුලේ රාගය තියෙන්න ඕනේ, හැබැයි ආදරයට රාගය මුල්කරගන්න හොඳ නෑ – සඳනි පතිරණගේ

පුංචි තිරයේ කාගෙත් ආදරය දිනාගත්තු නිතර නිතර දකින්න ඉන්න චරිතයක් තමයි සඳනි පතිරණගේ කියන්නේ.
පුංචි තිරයේ පෙම්වතියක් වුණත් ඇය සැබෑ ජීවිතේ පෙම්වතියගේ චරිතයට කෝඩුකාරියක්.
ඉතිං ඇය ගැන සතිඅන්ත පුවත්පතක මේ විදිහට සටහන් කරලා තිබුණා.

ආදරය මුලින් හිතට දැනෙනකොට වයස කීයද..?
මට හරියටම හිතාගන්න බැහැ.. අවුරුදු 16 ක් වගේ වෙන්න ඇති.

පාසල් ප්‍රේමයේ මතක මොනවද..?
ඒක සති දෙකක ප්‍රේමයක්. සති දෙක යනකොට අම්මට අහුවුණා.

ප්‍රේමය අමතක කරන්න බෑ කියන කතාව ඇත්තද..?
මම නම් හිතන්නේ ඒක බොරුවක්. මම නම් අමතක කරලා ඉන්නේ. කොහේ ඉන්නවද කියලවත් මම දන්නේ නෑ.

ආදරය වෙනුවෙන් මුලින්ම ලැබුණු තෑග්ග මොකක්ද..?
ෆෝන් එකක්. ඒක සති දෙකේ ප්‍රේමයෙන් හම්බ වුණේ. ඒකත් අම්මට අහුවුණා.

පෙම්වතෙකුගෙන් ලැබුණු වටිනාම තෑග්ග මොකක්ද..?
ඒ තෑග්ග තමයි මගේ දැන් ඉන්න පෙම්වතා. එයාගෙන් ලැබුණු වටිනාම කෙනා එයා.

ආදරය ප්‍රකාශ කරන්න ඕනේ පිරිමි ළමයද.?
නිතරම වෙන්නේ එහෙමනේ.. ගෑණු ළමයි ආදරය ප්‍රකාශ කරන්න යන්නේ නෑනේ.

ඔබ කාටහරි මුලින් ආදරය ප්‍රකාශ කරලා තියෙනවද..?
මම ආදරය ප්‍රකාශ කරන්න ඉස්සර වෙලා නැහැ.

ජනප්‍රිය නළුවෝ කී දෙනෙකුට ආදරය කළාද..?
එහෙම කාටවත් ආදරය කරලා නෑ. මම පොඩි ළමයෙක් වගේ නිසා හැමෝම මට සලකන්නේ නංගි කෙනෙකුට වගේ.

ඔබ වශී වෙන්නේ පිරිමි ළමයෙකුගේ මොන ගතිගුණවලටද..?
එහෙම නැහැ.. දැක්කම කැමති හිතෙන්න ඕනේ.. හිත ඇදිලා තිබුණ රූපේ එයාගෙන් පේන්න ඕනේ. මගේ තාත්තා වගේ වෙන්න ඕනි. දැන් පෙම්වතාගෙන් මම ඒ දේවල් දැක්කා.

ආදරය ඇතුලේ රාගයට වෙන් කරන ඉඩ කොයිතරම්ද.?
ආදරය ඇතුලේ රාගය තියෙන්න ඕනේ. ඒක කොයි තරම්ද කියලා කියන්න මට තේරෙන්නේ නැහැ. හැබැයි ආදරයට රාගය මුල් කරගන්න හොඳ නෑ.

පෙම්වතා ආදරයට ඔබට කියන නම මොකක්ද..?
වෙලාවකට පැටියෝ කියලත් කියනවා. චූටි කියලත් කියනවා.. තරහ ගියාම නම කියලා කතා කරනවා.

ඔබ ආදරයට කියන්නේ මොන නමද..?
මම කියන්නේ බබා කියලා.

විරහව කී වතාවක් විඳලා තියෙනවද..?
තුන් වතාවක්.

පෙම්වතා තරහ වුණාම යාළු කරගන්නේ කොහොමද?
එයාට තරහ ගියාම කතා කරන්නේ නැතිව ඉන්නවා. එතකොට මමත් කතා කරන්නේ නැතිව එයා කතාකරනකං ඉන්නවා..
වැඩිපුර තරහ යන්නේනම් මට. මගේ හැම නපුරු වැඩක්ම එයා ඉවසගෙන ඉන්නවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!