Gossip

“ඇය මට හමුවුණු පළමුවැනි පෙම්වතිය, ඒ සම්බන්ධය මාස හත අටක කාලයයි තිබුණේ”

අපේ සිනමාවේ හිටපු කඩවසම්ම පෙම්වතෙක් තමයි සනත් ගුණතිලක කියන්නේ.
සිය රංගන හැකියාව නිසාම රසික හදවත්වල ආදරය නිබඳව ලබාගන්න ඔහුට හැකිවුණා.
ආදරණිය නළුවෙක් වුණත් ඔහු අදටත් තනිකඩයි.
ඒත් ඔහු ආදරේ ගැන මේ විදිහට සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණා.

ප්‍රථම ප්‍රේමය පිළිබඳ මතක සටහන් අතරට ඇවිද ගියොත් ?
දැනට වසර ගණනාවකට පෙර වූ ආදරයක්‌ ගැන විමසන අවස්‌ථාවකදී මම බොහෝ සෙයින් ප්‍රවේසම් වෙන්නෙ අනෙක්‌ කාරණයක්‌ නිසා නොවෙයි.

ඒ ආදරයට සම්බන්ධ අනෙක්‌ පාර්ශ්වය අද දවසේ ජීවත්වන තත්ත්වය හෝ ඇයගේ සමාජ පසුබිම මතයි. සැබැවින්ම එතැන තියෙන්නේ ගැටවරයෙක්‌ තමන්ගේ විරුද්ධ පාර්ශ්වය පිළිබද ඇතිකර ගන්නා ආකර්ෂණීය මිසක්‌ දුරදිග යන දිගු ප්‍රේම සබැදියාවක්‌ නෙවෙයි.

නමුත් මම එයින් අදහස්‌ කරන්නේ නැහැ පාසල් වියේ ප්‍රේමය විවාහය දක්‌වා නොයන පෙම් සබදතා කියලා.

ඇය ඔබට හමුවන්නේ ?
මගේ මව ගුරුවරියක්‌. මගේ මවගේ හිතවතුන්ව සිටි පවුලක යුවතියක්‌ සමගයි ඒ සම්බන්ධය ඇති වෙන්නේ.

ඒ ළඟ ඇසුර මත ඇය මට ඇගේ ආදරය ප්‍රකාශ කරනවා.

ගැටවර වියේ පසුවූ ඔබට ගැහැණු ළමයෙක්‌ ආදරය ප්‍රකාශ කරද්දී එය ඔබට විමතිය දනවන හැගීමක්‌ වූවාද ?
පුදුමයක්‌ වෙන්නෙත් නැහැ. ඒත් ඒ අවස්‌ථාවේ ඇතිවුණ හැගීම ගැන හරියාකාරව කියන්න අද මට අසීරුයි.

ඇයත් සමග ඇතිවූ එම ප්‍රේමයට අපේ පවුල් දෙකෙන්ම එල්ල වෙන්නේ දැඩි විරෝධයක්‌.

අපේ වැඩිහිටියන් තරයේම කියා හිටියා අධ්‍යාපනය ලබන කාලයේ මෙවැනි දෙයක්‌ ඇතිවීම අනවශ්‍ය බව. ඉතින් කෙටි කාලයක්‌ තුළ ඇතිවූ ඒ ආදරය තදබල විරෝධතා මත බිඳී යනවා.

නැවතත් ඔබට ආදරය කරන හිතක්‌ හමුවන්නේ ?
මම දැඩිවම ඉගෙනීමට ඇබ්බැහිවෙලා හිටි කෙනෙක්‌. මම අධ්‍යාපනයට කොතරම් ඇබ්බැහි වී සිටියාද කියතොත් උසස්‌ පෙළ පන්තියේදී ඉගෙන ගන්න කාලයේම මම සාමාන්‍ය පෙළ පන්තිවල ළමයින්ට ඉගැන්වූවා. උසස්‌ පෙළ ප්‍රතිsපල එනතුරුත් මම ඉගැන්වීම් කළා.

කෙසේ වුවත් මාව විශ්වවිද්‍යාලයට තේරෙන්නේ නැහැ.

ඉන් පසුව මම පෞද්ගලික ආයතනයක ගුරුවරයෙක්‌ විදිහට තාවකාලික රැකියාවක්‌ හොයා ගන්නවා.

එතැනදී මට මුණගැහෙනවා විශ්වවිද්‍යාලයක රැකියාවක්‌ කරන යුවතියක්‌.

මම නැවතත් ආදරය කරන්න පටන් ගන්නවා. ඒ වෙනකොටත් මගේ මවුපිය පාර්ශ්වය මම තවදුරටත් ඉගෙනීම කළයුතුයි කියන තැන ඉන්නවා. ඒ බලාපොරොත්තුවෙන් සිටි නිසා එතැනදීත් මේ ආදරයට ඔවුන් දැඩි ලෙස අකුල් හෙළනවා.

ඒ විරෝධතාවයන්ට දෙවැනි ප්‍රේමයත් දන් දෙන්න ඔබ තීරණය කළාද ?
එතැනදී එම යුවතියත් බලාපොරොත්තු වෙනවා මම ස්‌ථිර රැකියාවක්‌ හොයාගනීවි කියලා.

මොකද අද වගේ නෙවෙයි එවකට පෞද්ගලික ගුරුවරයෙකු ලෙස කරන රැකියාවක්‌ ස්‌ථිර රැකියාවක්‌ විදිහට සැළකුණේ නැහැ. ඒ කාලයේ ස්‌ථිර රැකියාවක්‌ හොයාගන්න මම විශාල ලෙස උත්සාහයක්‌ දරනවා.

දෙවැනි පෙමත් ඔබෙන් දුරස්‌වෙද්දී ?
ඔය අතරේ මම දකිනවා විජය ධර්මශ්‍රීගේ සිටු කුමරියෝ චිත්‍රපටයට අලුත් නළුවෙක්‌ හොයනවා කියන දැන්වීම.

ඒ සදහා ඔහුගේ අධ්‍යාපන සුදුසුකමත් සලකා බලනවා කියන කරුණ.

මගේ අධ්‍යාපන සුදුසුකම නළුවෙක්‌ වීමට නොගැලපුණත් ඒ වෙන කොට මට ඕනෑ වෙන්නේ නළුවෙක්‌ වෙනවාට වඩා කොහොම හරි රැකියාවක්‌ හොයාගෙන කොළඹ නවතින එක.

ඒ නිසා මම ඒ සම්මුඛ පරීක්‌ෂණයකට යනවා. විජය ධර්මශ්‍රී මහතා මාව සම්මුඛ පරීක්‌ෂණයට ලක්‌කරල මගෙන් අහනවා මේ තරම් අධ්‍යාපන සුදුසුකම් කියාගෙන ඇයි ඔබ රගපාන්න ආවේ කියලා.

ඒ වෙලාවේ මම ඔහුට ප්‍රකාශ කළා නම් මම ආවෙ වෙනත් රැකියාවකට මාව තෝරාගත්තේ නැති නිසා කියලා ඔහු මාව ප්‍රතික්‌ෂේප කරනවා. ඒ නිසා මම ඔහුට බොරුවක්‌ කියනවා. මම ආවෙ රගපාන්න ආසාවට කියලා.

ඔහු මාව විශ්වාස කරනවා. මගේ සුදුසුකම් තියෙන නිසා මාව තෝරා ගන්නවා.

බොහොම ඉක්‌මනින්ම ආකර්ෂණීය තරුණ නළුවා වන ඔබට ආදරය අරුමයක්‌ නොවන්නට ඇති නේද ?
ඒ අතරතුර මගේ තියෙන තරුණකම තුළ මේ සිනමාව තුළ අනවශ්‍ය බැඳීම්වලට බැෙදයි කියන දේ සිදු නොවීම පිණිස විජය ධර්මශ්‍රී වගකියනවා.

ඔහු වැඩිමහල් සහෝදරයෙක්‌ විදිහට මට විශාල ශික්‍ෂණයක්‌ ලබාදෙනවා. ඒ නිසා ප්‍රේම සබදතා කෙරෙහි යොමුනොවී රංගනය වෙතම මගේ අවධානය බැදී තිබුණා.

නමුත් ඔබ පෙම්වතෙක්‌ නොවී සිටින්නේම නැහැ?
ඔව්. ඒ ආදර සබදතා අතර මට කතා කරන්න පුළුවන් වෙන්නේ මගෙත් අනුෂ්කා මැදිවකත් අතරේ තිබුණ ප්‍රේම සම්බන්ධය විතරයි.

ඇය මට සිනමාවේ හමුවන පළමුවැනි පෙම්වතිය. ඒ ආදර සම්බන්ධය මාස හත අටක කාලයක්‌ තිබුණේ.

අදටත් ඇය මගේ මිතුරියක්‌. ඇගේ සැමියා මගේ මිතුරෙක්‌. ඒ නිසා මට ඒ සම්බන්ධය ගැන විවෘතව කතා කරන්න පුළුවන්.
ඉන් පසුවත් ඔබේ දිවියේ ප්‍රේම කතා තිබූ වග ප්‍රසිද්ධ කරුණක්‌. නමුත් අද ඔබ ඒ පිළිබද කතා නොකර ඉන්නද මේ උත්සාහ කරන්නේ ?
ඔව්. මම කැමැති නැහැ ඒ දේවල් ගැන කතා කරන්න. මට අනුෂ්කා සමග තිබුණ ප්‍රේම සම්බන්ධය තරම් විවෘතව කතා කළ හැකි වෙනත් ප්‍රේම සම්බන්ධයක්‌ ගැන මට කියන්න බැහැ.

ඔබලා අනුමාන කරන සබදතා ඕනෑ තරම් තියෙන්න පුළුවන්.

ඒවා ගැන කතා කරන්න ගියොත් ඒ පාර්ශ්වයේ වැරදි හෝ මගේ පාර්ශ්වයේ වැරදි කතා කරන්න වෙනවා.

මම ඒ විදිහට කතා කරන කෙනෙක්‌ නෙවෙයි. හැබැයි ඒ කතා නොකිරීම නිසාම සමහර අවස්‌ථාවල මාව වැරදිකාරයෙක්‌ විදිහට අදටත් සමාජය හැදින්වෙමින් තියෙන පරිසරයක්‌ ඇතිවෙලා තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!