Gossip

මගේ පෙම්වතිය වූ පමණින් අප්පච්චිගේ නිර්මාණයක රඟපාන්න බෑ, එයා අද වෙනකන් මම රඟපාපු හැම වේදිකා නාට්‍යක්ම බලන්න ආවා

ජැක්සන් ඇන්තනී කියන්නේ අපේ කලා ක්ෂේත්‍රයේ අද්විතීය චරිතයක්. ජැක්සන් – කුමාරි දෙපලගේ බාල පුතා තමයි සජිත අනුත්තර කියන්නේ.
ඔහුත් තම පියාගේ අඩිපාරේ යමින් රසික හදවත් ආදරයෙන් වැළඳගත් චරිතයක් වී හමාරයි.
සූරියඅරණේ වැදිපැටියාගේ චරිතයෙන් තමයි ඔහුව බොහෝ දෙනෙක් හදුනාගත්තේ.
සජිත ගැන පසුගිය දවස්වල වැඩියෙන්ම කතාබහට ලක්වුණේ ඔහුගේ පළවැනි ගීතය වුණු ස්වර්ණපාලිය නිසා.
ඉතිං මේ ගීතය ගැනත් සජිතගේ අලුත්ම විස්තර ගැනත් සතිඅන්ත පුවත්පතක මේ විදිහට පලවී තිබුණා.

සජිත කොහොමද අලුත් ගීතෙට ලැබෙන ප්‍රතිචාර එහෙම?
ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම ලොකු සතුටක් දැනෙනවා. මොකද හුඟාක් මහන්සි වෙලා කරපු වැඩක් මේක. ඒ වගේම මේක මගේ පළවෙනි ගීතය. ඒ වගේම මේක අවුරුදු 2ක විතර Project එකක්. සනුක Music කළා, ඒ වගේම තාත්තා පද ලිව්වා. ඒ වගේ Project එකක් මහන්සි වෙලා කළා. දැන් ඒකේ ප්‍රතිඵලය භුක්ති විඳිනවා. Youtube එකේ ලක්ෂ 5 ඉක්මවලා Views ඇවිල්ලා තියෙනවා. සතුටුයි ඉතින්.

මේ ගීතය කුමන ආකාරයේ Music Style එකකට කරපු දෙයක් ද?
අපි මේකට සාමාන්‍යයෙන් කියන්නේ EDM කියලා. Electro Dance Music කියන Style එක. හැබැයි EDM කිව්වට මේක සම්පූර්ණයෙන්ම ඡ්ච්ර් එකක් කියන්න බෑ. මේකට ජන සංගීත ආර පාවිච්චි කරලා තියෙනවා. EDM පාවිච්චි කරලා තියෙනවා. ඒක Style එකක් කියලා හඳුන්වන්න බෑ.

ගීතයේ Video එකත් ඔයාට හරි විශේෂයි නේද සෑම ආකාරයෙන්ම?
ඔව්. Video එක ඉතාම විශේෂයි. මොකද මම ‘සූරිය අරණ’ චිත්‍රපටයෙන් පටන් ගත්තු මගේ සිනමා ජීවිතයේදී ‘අබා’ චිත්‍රපටයෙන් තමයි හොඳ තැනකට ආවේ. ‘අබා’ කියන චරිතය මට ගොඩාක්ම සමීප වුණා. මේකෙන් කතා කරන්නේ අබා කුමාරයා හෝ සජිත වෙන්නත් පුළුවන්. ස්වර්ණපාලිය අමතා කරන ගීයතයක් මේක. මට නිකං අබා චිත්‍රපටයේ දිගුවක් වගේ මේක.

පෙම්වතිය ස්වර්ණපාලියට පණ පොවනවා. මොකද හිතෙන්නේ ඒ ගැන?
අබා කුමාරයට ස්වර්ණපාලිය විශේෂ වුණේ කොහොමද ඒ වගේම මගේ ජීවිතේට විශේෂ වුණු කෙනා ස්වර්ණපාලියට පණ පොවනවා.

ඇත්තද ඔබේ පියා ඇයටත් Audition එකක් තිබ්බයි කියන්නේ?
ඇත්තටම ඔව්. මගේ පියා ඕනිම කෙනෙක්ට Audition එකක් තියෙනවා. ඒකට ගැළපෙනවා නම් සහ දක්ෂයි නම් විතරයි තෝරගන්නේ. මගේ පෙම්වතිය වූ පමණින් අප්පච්චිගේ නිර්මාණයක රඟපාන්න බෑ ඉතින්. හොඳම උදාහරණෙ මම. අබාවලින් පස්සේ අප්පච්චිගේ එකදු නිර්මාණයකවත් නැහැනෙ. මම පුතා වුණා කියලා එහෙම ගත්තෙත් නෑ. මගේ පෙම්වතිය හොඳ නර්තන ශිල්පිනියක් සහ එයාගේ පෙනුම වගේම හැමදේම ගැළපුණා මේ වැඩේට. ඒ හින්දා තමයි එයාව තොරගත්තේ.

‘අබා’ දෙවැනි නිර්මාණය එනතුරු බොහෝ දෙනෙක් බලාන හිටියා. ඇයි තවමත් ඒක නිර්මාණය වුණේ නැත්තේ?
‘අබා 2’ කියන චිත්‍රපටිය ලංකාවේ නිෂ්පදානය වෙනවා නම් ඒක මහා දැවැන්ත නිර්මාණයක්. ඒක නිර්මාණය කරන්න නිෂ්පාදකවරු අවශ්‍යයි. හැබැයි අපි ඉවසන් ඉන්න එක හොඳයි. අනාගතයේදී එන තාක්ෂණයත් සමඟ හොඳින් කරන්න පුළුවන් වේවි. මොකද ඕනවට එපාවට ඒ දේවල් කරන්නත් බැරි නිසා. හැබැයි අප්පච්චි ‘අබා’ සිනමාපටය නිර්මාණය කරලා ඉවර වෙද්දි ‘අබා 2’ වැනි කොටසේ පිටපත ලියලත් ඉවරයි. අනාගතයේදී අපි බලමු ඉතින්. අප්පච්චි තමයි දන්නේ.

මොනාද මේ දවස්වල රංගනයේ යෙදෙන වේදිකා නාට්‍ය?
වේදිකා නාට්‍යවල තමයි මම මේ දවස්වල හුඟාක් යෙදිලා ඉන්නේ. ‘ප්‍රේමවන්ත කුමාරයෝ’ ප්‍රියංකර රත්නායක මහත්මයාගේ. ඒකටත් රාජ්‍ය සම්මාන උළෙලේ සම්මානයක් ලැබුණා සහ අකිල සපුමල්ගේ ‘ගිරිකූඨ කාශ්‍යප’ වේදිකා නාට්‍යයෙත් කාශ්‍යපගේ චරිතය රඟපානවා. ඒ වගේම රාජිත දිසානායකයන්ගේ ‘මට වෙඩි තියන්නෙ නැද්ද’ වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා.

හපන් පැදුරේ යාළුවෝ තාමත් කතා බහ කරනවාද?
ඔව්. ඔව්. ඇත්තටම මම හපන් පැදුරේ දෙවැනි කණ්ඩායමට හිටියේ. පළවෙනි කණ්ඩායමට අක්කා තේරුණා. ඒකත් ඉතින් අප්පච්චිගේ Audition එකකට සහභාගී වෙලා දෙවැනි කණ්ඩායමට සහභාගි වෙන්න ලැබුණේ. පළවෙනි Audition එකට ගිහිං Fail වුණා. ඒ යාළුවෝ තාම ඉන්නවා. නලීන කස්මීර අයිය හම්බවෙනවා. එයා හොඳ බේස් ගිටාර් වාදකයෙක්.

පෙම්වතිය ගැනත් කියමු නේද?
ඕනෑම කෙනෙක් තමන්ගේ පෙම්වතිය හොඳ පෙම්වතියක් වෙලා දෙන සහයෝගය තරම් වෙන දෙයක් ප්‍රේමවන්තයෙක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. මගේ පෙම්වතිය හොඳ පෙම්වතියක් වීමට අමතරව මගේ හැමදේටම සහයෝගය දෙනවා. එයා අද වෙනකන් මම රඟපාපු හැම වේදිකා නාට්‍යක්ම බලන්න ආවා. හොඳ සහයක් ඇගෙන් ලැබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!