Gossip

අම්මගේ කුසේ ඉද්දි තාත්තා සදහටම දෙනෙත් පියා ගත්තා, අම්මා වැඩට ගියාම බාප්පට මම ගොඳුරු වුණා – නයෝමිගේ කඳුළු කතාව

මිනිසුන්ගේ දෛවය කියන්නේ පුදුමාකාර දෙයක්. සමහරු වාසනාව කියන දේ උපතින්ම උරුම කර ගන්නවා වුණත් කාලයක් ගත වෙනකොට දුක, අවාසනාව ජීවිතේට සරදම් කරන්නේ හිතාගන්නට බැරි තරමටයි.
මේ කථාවේ “නයෝමි” කියන්නෙත් උපතින්ම වාසනාව තුරුළු කරන් ආව දරුවෙක් නෙවෙයි.
එයා අම්මාගේ කුසට ආව දවසේ ඉඳලා වින්දේ දුකක්ම විතරයි. දරුවා ලැබෙන්න ඉන්නකොට නයෝමිගේ තාත්තා මේ ලෝකේ අත් හැරලා සදහටම දෙනෙත් පියා ගත්තේ අහිංසක නයෝමිගේ අම්මාව මේ ලෝකේ තනි කරලා දාලා.
සිරිපාල, ඒ කියන්නේ නයෝමිගේ තාත්තා රස්සාව විදිහට කළේ මේසන් වැඩ. අලුතෙන් හදන බිල්ඩිමක වැඩ කරන්න ගිහින් පය ලෙස්සලා පලංචියෙන් වැටිලා තාත්තා මිය ගිය බව දැනගත්ත වෙලාවේ නයෝමිගේ අම්මාට ඒ දුක දරාගන්න බැරිව නයෝමිව බිහි වෙනකම් ඉස්පිරිතාලේ ඇඳකට වෙලා ඉන්න සිද්ධ වුණා.
දරුවා ලැබුණාට පස්සේ දරුවත් හදාගෙන ගෙවල් ගානේ ගිහිං කුලී වැඩක් කරලා වේලක් හැර වේලක්වත් කාලා ජිවත් වෙන්න තරම් ශක්තියක් නිර්මලාට, ඒ කියන්නේ නයෝමිගේ අම්මට තිබුණා.
කාලය කාටත් හොරෙන් ගතවෙලා ගියත් නිර්මලාට වැඩි කාලයක් ගත වෙන්න කලින් තමන්ගේ පාඩුවේ ඉන්න ලැබුණේ නැහැ.
නයෝමි උදේට ඉස්කොලේ ගියාට පස්සේ වැඩක් පලක් ලැබුණේ නැති වෙලාවට නිර්මලා ගෙදර ඉන්නේ තනියම.
ඒ වෙලාවේ නිර්මාලා තනියෙන් ඉන්න බව කාටත් වැඩිය හොඳින් සිරිපාලගේ මල්ලී සුනිල් හොඳින්ම දැනගෙන හිටියා.
සුනිල් කියන්නේ කිසිම අණක් ගුණක් ඇති මනුස්සයෙක් නෙවෙයි. සුනිල් දවසේ වැඩි වේලාවක් ගත කළේ තැබෑරුමේ.
උදේ වරුවම පුළුවන් තරම් මත්වෙලා ගම පුරාම ඇවිදින එක සුනිල්ගේ පුරුද්ද. සිරිපාල ජීවත්වෙලා ඉන්න දවස්වල නිර්මලා ගැන ඒතරම් උනන්දුවක් සුනිල්ට නොතිබුණේ සිරිපාලට තිබුණු බය නිසා මිසක් නිර්මලාට අකමැති නිසා නෙවෙයි.
වැඩි දවසක් යන්නට කලින් නිර්මලාව යටත් කරගෙන සුනිල් නයෝමිලාගේ ගෙදර පදිංචියට ගියා. සුනිල් නිතර හිටියේ මත්වෙලා නිසා තමන් කරන්නේ මොනවාද කියලා අඩුම තරමින් එයාවත් දැනගෙන හිටියේ නැහැ.
නිර්මලා විතරක් නෙවෙයි. තවත් කාන්තාවන් කිහිපදෙනෙක්ම එක්කත් සුනිල්ට සම්බන්ධකම් තිබුණා.
නිර්මලාව බිරිඳ කර ගත්තත් විවාහ වෙන්නවත් නයෝමිට තාත්තා කෙනෙක් වගේ සලකන්නටත් සුනිල්ට වුවමනා වුණේ නැහැ.
ගෙදර සිද්ධ වෙන මේ වෙනස්කම් ගැන හරි හැටි තේරුමක් නොතිබුණු නයෝමිට මේ කිසිදේක බරක් පතළක් දැනුනේ නැහැ.
මොනතරම් ගැටලු වෙනස්කම් සිද්ධ වුණත් තමන්ගේ දුවගේ ජීවිතේ ගොඩනඟන්ට වුවමනා නිසා නිර්මලා ඉඩක් ලැබෙන හැම වෙලාවකම කුලී වැඩක් කරලා කීයක් හරි හොයාගන්න එක අත හැරියේ නැහැ.
මේ විිදිහට කාලය ටිකින් ටික ගතවෙලා නයෝමි වැඩිවියට පත්වුණත් නිර්මලා පත් වෙලා හිටපු අසරණකමට කිසිම දෙයක් කරන්නට පුළුවන් වුණේ නැහැ.
වැඩිවියට පත්වෙලා වැඩි දවසක් ගත වෙන්න කලින් නයෝමිගේ අම්මට විතරක් නෙවෙයි නයෝමිටත් සුනිල් කරදර කරන්න පටන් ගත්තා.
දවසක් ඉස්කෝලේ ඇරිලා නයෝමි ගෙදර එනකොට නිර්මලා වෙන ගෙදරක වැඩට ගිහින්.
දරුවා එන්න කලින් ගෙදර එන්න පුළුවන් වෙයි කියලා හිතුවත් නිර්මලාට හිතපු වෙලාවට ගෙදර එන බැරි වුණා. අවාසනාවට එදා නයෝමි සුනිල්ගේ ගොදුරක් වුණා.
නිර්මලා එදා ගෙදර එනකොට හොඳටම හවස් වෙලා. නයෝමිට තමන්ට සිද්ධ වුණු දේ හිතා ගන්නවත් පුළුවන්කමක් තිබුණේ නැහැ. අම්මා ගෙදර ආවට පස්සේ නිර්මලාගේ ඇඟේ හැපි හැපී තමන්ට සිද්ධ වුණ දේ නයෝමි කියාගෙන ගියා.
අහස පොළොව නුහුලන මේ අපරාදේ ගැන නිර්මලාට ඇති වුණේ පුදුමාකාර වේදනාවක්. ඒත් තමන්ගේ දියණිය බදාගෙන හඬනවා හැරෙන්නට ඇයට කරන්න පුළුවන් දෙයක් තිබුණේ නැහැ. ඒත් නයෝමිට නරකක් වෙලා කියලා දැඩි බයක් තිබුණු නිසා මේ ගැන මිඩ්වයිෆ් නෝනට කිව්වොත් හොඳයි කියලා නිර්මලාට හිතුණා.
මිඩ්වයිෆ් නෝනා මේ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට දැනුවත් කරලා පරිවාසය මඟින් මේ පිළිබඳ අදාළ පරීක්ෂණ කටයුතු ආරම්භ කළත් සුනිල් ඉදිරියේ නිර්මලා මේ තොරුතුරු හැමෝගෙන්ම සඟවලා තබා ගත්තා.
නිර්මලා ඒ විදිහට කළේ සුනිල්ට තිබුණු බය නිසා මිසක් නයෝමිට ආදරේ නැතිව නෙවෙයි.
ඒ කොහොම වුණත් මේ විදිහට නයෝමි ලිංග්‍රාශිත රෝග සායනයේ පරීක්ෂාවට ලක් වුණා. ඒ පරීක්ෂණයේදී නයෝමිට ලිංග්‍රාශිත රෝගයක් වැළඳිලා තිබෙන බව සොයා ගන්නට පුළුවන් වුණා. දරුවාගේ වයස තවමත් 18ට අඩු නිසා පරිවාස භාරයේ තිබෙන ළමා නිවාසයකට ඇයව යොමු කරන්නට පුළුවන් වුණා.
වාසනාවට වගේ නයෝමිට මේ රෝගයට ප්‍රතිකාර ලබාදී සුවපත් කරන්නට වෛද්‍යවරුන්ට හැකි වුණා.
සුනිල් කියන්නේ සල්ලාල ජීවිතයක් ගත කළ කෙනෙක්. මේ නිසා අවස්ථා කිහිපයකදීම ලිංග්‍රාශිත රෝග කිහිපයකට ප්‍රතිකාර සඳහා යොමු වෙන්නට සිද්ධ වෙලා තිබුණා.
නිර්මලාටත් මේ අවදානම තිබුණත් මේ වෙනකොට වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ඔවුන්ට ප්‍රතිකාර ලැබුණත් තවමත් සුනිල්ගේ පුරුදු අත් හරින්න ඔහුට පුළුවන් වෙලා නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!