Gossip

“මගේ දැන් පෙම්වතිය බුවිනි මනීෂා තමයි මගේ දිවියේ මට ගැඹුරින්ම දැනුන ආදරයේ අයිතිකාරිය”

සජිත ඇන්තනී කියන්නේ යෞවන යෞවනියන් අතර ආකර්ෂණීය දිනාගත් තරුණ නළුවෙක්.
අබා කුමාරයාට ස්වර්ණපාලිව සුවිශේෂ වන්නේ යම්සේද සජිත ඇන්තනී ට බුවිනි මනීෂා එතරම්ම විශේෂයි.
ඒ අබා කුමරුගේ පෙම් පුරාවත ඇසුරින් නිර්මාණය වූ ස්වර්ණපාලියේ කියන සජිතගේ ගීතයේ ස්වර්ණපාලිය බුවිනි බුවිනිවූ නිසයි.
මේ ඒ ගැන සජිත සතිඅන්ත පුවත්පතක පැවසූ අයුරුයි.

සජිත ඒ ආදර හිත දිනාගන්න ඔබට පෙරූ පිරුමන් ?
එයා ලස්සනට නර්තනයේ යෙදෙන කෙනෙක්. එක දවසක ඇගේ නර්තනය ඇතුළත් ඞී. වී. ඞී. පටයක් දැකලයි මම ඇය ගැන උනන්දු වෙන්නේ. ඉතින් මම මෙයා කවුද කියලා හොයාගෙන ගියා. මේ සොයායෑම අපි හොද මිතුරු මිතුරියන් බවට පත් කරනවා. පසු කලෙක දී මම බුවිනිට මගේ ආදරය ප‍්‍රකාශකර සිටිනවා. ඇය පවසන්නෙ මා ඇයට පෙම් කරනවා සේම ඇයත් මට පෙම්කළ බවයි.

බුවිනි මනිෂා කියන්නේ ඔබ මෙන්ම කලාව තුළ රැදෙන්න ප්‍රිය යුවතියක්ද..?
නැහැ. ඇය ගණකාධිකරණ ක්ෂේත‍්‍රයේ කටයුතු කරමින් සිටින කෙනෙක්. කලාවට සම්බන්ධ වෙන්න ඇයගේ අදහසක් නැහැ. නමුත් ඇය නර්තනය හදාරා ඇති නර්තන දක්ෂතා ඇති කෙනෙක්.

aba1 අනාගතයේ අප ඔබ තුළින් දකින්නට හිතන කාර්යබහුල කලාකරුවාගේ බිරිද ගණකා කරණ ක්ෂේත‍්‍රයේ කෙනෙක් ?
මම හිතන්නේ නැහැ ආදරය කියන එකේදි එයාගේ වෘත්තීය මොකක්ද මගේ වෘත්තිය මොකක්ද කියන එක වැදගත් වෙනවා කියලා. ඒ මොහොතේ අපි දෙන්නගේ වෙනස්කම් මත තමයි ගැළපෙන්නේ. අපි දෙන්න පැති දෙකක් දිහා බලාගෙන ඉන්න දෙන්නෙක් වීම හොදයි.
එයාගේ ක්ෂේත‍්‍රය මට වැදගත් වුණේ නැහැ. මේ ගැහැණු ළමයා ලස්සන ගැහැණු ළමයෙක්. මට එයා දැක්කහම කැමැත්තක් ඇතිවුණා. මම ඒ කැමැත්ත දිගේ ගියා. ඒ ගමනේ ප‍්‍රතිඵලයක් විදිහට අපි පෙම්වතුන් බවට පත්වුණා.

සජිත පාසල් වියේ පෙම්බර. මතකයට යමුද ?
මම ඉස්කෝලේ අනිත් ළමයි අතර කැපිලා පෙනෙන ළමයෙක් වෙනවා. මොකද රංගනය නිසා කොණ්ඩේ වවන්න මට පාසලෙන් විශේෂ අවසරයක් තිබුණා. මට එහෙම අවසරයක් ලැබුණාට ඒක පාසල් සංස්කෘතියට විරුද්ධයිනේ. ඉස්කෝලෙන් නම් පාසැලේ පිරිමි ළමයින්ගෙන් මට විවිධ කරදර තිබුණා. මම නිදාගන්නකම් ඉදලා කොණ්ඩේ චුයින්ගම් අලවනවා. කොණ්ඩෙන් අදිනවා. ඒ කාලේ නම් ඒව මට හරිම වදයක්. අද නම් ඒ සිදුවීම් මතක් වෙද්දි රසවත් හැගුමක් තමයි දැනෙන්නෙ.

ඔබේ පසුබිම තුළ ඇති කලාකාමී පරිසරය ඔබට ලබාදී තිබුණ නිදහස කොතරම්ද ?
අපේ අම්මයි අප්පච්චියි හරිම කාර්ය බහුලයි. අපිට කැමැති දෙයක් තෝරාගන්න නිදහස තිබුණා. අධ්‍යාපනය වගේම වෙනත් බාහිර කටයුතු ගැනත් අපි තීරණ ගත්තා. සාමාන්‍ය පෙළ දක්වා මම පන්ති කාමරයේ කැපී පෙනෙන දක්ෂතා පෙන්වපු ළමයෙක් නෙවෙයි. හැබැයි උසස් පෙළ පන්තියේදී මම වෙනස් වෙනවා. උසස්පෙළ පළමුවැනි අවුරුද්දත් ලිව්වාට පස්සේ මම තේරුම් ගන්නවා සාර්ථක කලාකරුවෙක් වෙන්න නම් සහජය හැරුණම ඇකඩමික් පැත්තත් අවශ්‍යයි කියලා. ඒ අනුව මම ඊළග වතාවේ උසස්පෙළ වැඩිම ලකුණු අරගෙන විශ්වවිද්‍යාලයට ඇතුළුවෙන්න සුදුසුකම් සපුරා ගන්නවා.

පාසැල්වියේ ආල හැගුමන්වලට හිත ඉඩදුන්නේම නැතිද ?
ආදරය කියන එක ජිවිතයේ විවිධ කාල වලදී විවිධ පුද්ගලයන් කෙරෙහි ඇති වෙනවානේ. ඔබ විමසන්නේ ගැහැණු ළමයෙක් ගැන ආදර හිතක් ඇතිවීම ගැන නම් මොන්ටිසෝරි යන කාලෙත් අපේ ගමේ ගැහැණු ළමයෙකුට මම කැමැති වෙලා හිටියා. ඒක ආදරයද කියලා තේරුම්බේරුම් කරගන්න තරම් මම මෝරලා හිටියේ නැහැ. හැබැයි වෙලාවකට දුක හිතෙනවා සතුටක් දැනෙනවා තනිකමක් දැනෙනවා” ඊර්ෂ්‍යාවක් දැනෙනවා. ඔය වගේ හැගුම් එක්ක තිබුණ කැමැත්තක් තමයි ඒක.

ජීවිතයට දැනෙන ආදර කතාව පටන් ගන්නේ ?
මගේ දැන් පෙම්වතිය බුවිනි මනීෂා තමයි මගේ දිවියේ මට ගැඹුරින්ම දැනුන ආදරයේ අයිතිකාරිය. හැබැයි මම පෙම්වතෙක් වෙන්නේ සාමාන්‍ය පෙළ පන්තියේදී. ඒත් ඒකක් අප‍්‍රකාශිත ආදරයක්. එයා මම ගිය ටියුෂන් පන්තියකදී හමුවුණ ගැහැණු ළමයෙක්. මගේ එ් කැමැත්ත ඒ ළමයා දැනගෙන හිටිය ද කියලත් මම හරියට දන්නේ නැහැ. හැබැයි මම එයාට ආදරය කළා. ඊට පස්සෙත් ආදර මතක කිහිපයක් තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!