Gossip

සතුරු ඉලක්කය නොවැරදුණු ස්නයිපර් නිරෝට සජිත්ගෙන් අස්වැසිල්ලක්

ශ්‍රී ලංකා යුධ හමුදාවේ සිටි දක්ෂතම ස්නයිපර් වෙඩික්කරුවෙකු වන කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි හෙවත් නීරෝගේ මවට නිවසක් නැති බවට පසුගියදා සමාජජාල මාධ්‍ය තුළ විවිධ වාර්තා පළ විය.

හැබැයි ඔහු පසුගිය යුද සමයේදී ජීවිතක්ෂයට පත්වුණා.

කොහොම හරි මෙම සිද්ධිය නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ආරංචි වී ඒ මහතා ඒ සඳහා පිළියමක් යොදවා තිබෙනවා.

ඒ නිවාස සංවර්ධන අධිකාරියේ පුත්තලම් දිස්ත්‍රික් කළමනාකරු ඩි. වී. ප්‍රියදර්ශන මහතාව ආණමඩුව, මණ්ඩලාන පිහිටි රණවිරු නීරෝගේ නිවසට යොමු කර තිබෙනවා.

එහිදී “නීරෝගේ“ මව සමග පුද්ගලිකවම දුරකථනයෙන් තොරතුරු විමසා, ඇයගේ නිවාස ප්‍රශ්නය වහාම විසඳන ලෙස දිස්ත්‍රික් කළමනාකරුට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙනවා

sajee

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!