Gossip

හස්බන්ඩ්ගෙන් අවුලක් නැහැ – මම හැමදේම බැලන්ස් එකේ කරනවා – සචිනි අයේන්ද්‍රා

රසික හදවත්වල නොමැකෙන චරිතයක් තමයි සචිනි අයේන්ද්‍රා කියන්නේ.
ආදරණීය දියණියන් දෙදෙනෙකුගේ මවක් වුණු සචිනිගේ අලුත්ම තොරතුරු ගැන සතිඅන්ත පුවත්පතක මෙලෙස පලවී තිබුණා.

ඉතින් කොහොමද ජීවිතේ..?
මේ දවස්වල නම් සතුටින් ඉන්නවා.

සචිනි අයේන්ද්‍රා මේ දවස්වල කාර්යබහුලයි නේද.?
එහෙම නැහැ.. චිත්‍රපට කිහිපයකම රූගත කිරීම් අවසාන කළා.

සචිනි කාලෙකට පස්සේ නේද සිනමාවට සම්බන්ධ වුණේ..?
නැහැ.. ඊට මාසයකට විතර කළින් රෝයිද සිල්වා මහතාගේ චිත්‍රපටයකට සම්බන්ධ වුණා.
එහි රූගත කිරීම් තිබුණේ ඇමරිකාවේ.

පුංචි තිරයට වඩා සිනමාවට සම්බන්ධ වෙන්නේ මවක්, බිරිඳක් විදිහට කාර්යබහුල නිසාද…?
ගෙදර වැඩකටයුතුත් තියෙනවා. ගොඩක් වෙලාවට මං දරුවෝ වෙනුවෙන් මගේ කාලයෙන් සියයට සියයක්ම යොදවලා තියෙන්නේ. නමුත් කොහොම හරි හැමදේම බැලන්ස් එකේ කරගන්නවා.

දියණියන් දෙදෙනා එක්ක ගෙවන ජීවිතේ කොහොමද දැනෙන්නේ..?
ලොකු වගකීමක් හිතට දැනෙනවා. හැම වැඩක්ම ඒ දෙන්නා වෙනුවෙන් කරනවා. කවනවා පොවනවා උගන්වන දේ ඉඳන් හැමදේම. තාම දඟ වයස දෙන්නම.. පුළුවන් උපරිමයෙන් දෙන්නාගේ කටයුතු ඉටු කරනවා.

ගෙදර නැති අවස්ථාවලදි දරුවන්ගේ කටයුතු කවුද හොයලා බලන්නේ..?
බබාලා දෙන්නා බලාගන්න කෙනෙක් ඉන්නවා. මගේ හස්බන්ඩ්, එයාගේ අම්මා වගේම සමහර අවස්ථාවලදි මගේ අම්මත් එනවා. පවුලේ අය තමයි හැමදේටම උදව් කරන්නේ.

හස්බන්ඩ් කැමතිද රඟපානවට..?
එයාගේ එහෙම අකමැත්තක් නම් නැහැ. බඳින්න කළින් ඉඳන්ම මගේ ක්ෂේත්‍රය මේක. ඒ තේරුම් ගැනීමත් එක්ක තමයි විවාහ වුණේ. මම මගේ ගෙදර කටයුතු ක්ෂේත්‍රයේ කටයුතු බැලන්ස් එකේ කරන්න යන නිසා ප්‍රශ්නයක් නෑ.

දරුවන් ක්ෂේත්‍රයට යොමු වෙන්න ඇහුවොත් ඒකට ඉඩ දෙනවද..?
ඒකේ මගේ අකමැත්තක් නෑ. ඒ අය දැනුම් තේරුම් ලබනකොට හොඳින් අධ්‍යාපනය කරලා ඉවර වුණාම ඉඩ ලැබෙයි ඒ අය කැමති මාධ්‍යය තෝරාගන්න.

අධ්‍යක්ෂණයට යොමුවෙන්න සචිනිට අදහසක් නැද්ද..?
නැහැ.. දැම්ම නෙවෙයි. තව අවුරුදු දහයකින් වගේ අධ්‍යක්ෂණයට යොමු වෙන්න අදහසක් තියෙනවා. දැනට රඟපෑම කරලා හොඳට ක්ෂේත්‍රය තව තවත් අඳුනගන්න ඕනේ..

ඉදිරි වැඩ ගැන කිව්වොත්…?
චිත්‍රපටයකට ලෑස්ති වෙනවා. ඒ වගේම විදෙස් සංචාර කිහිපයක් තියෙනවා. ඒවා තමයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!