Gossip

අපි හෙට Film එකක් බලන්න යමුද සුදු මැණික, තමුසේ කාත් එක්කද ඉන්නේ, මට වැඩක් නෑ තමුසේ වගේ අය, මගේ ජීවිතේම කෑවා – Exclusive

ආදරේ
මේ අකුරු හතර කෙනෙකුගේ ජිවිතේ ලස්සන කරන්න වගේම විනාශ කරන්නත් පාවිච්චි කරන්න පුළුවන්.
කෙනෙකුගේ සතුටට, දුකට, වේදනාවට මේ හැමදේටම ආදරේ බලපානවා.
ඒත් අද කීයෙන් කීදෙනාද ආදරේ කියන වචනේ හරි තේරුම තේරුම් අරන් ආදරේ කරන්නේ.
බුද්ධියට වඩා හැඟීමට වැඩි ඉඩක් දීලා ආදරේ කරන හුඟක් දෙනෙකුගේ අවසානය වෙන්නේ වේදනාවක්.
ඒ නිසාම විඳින්න ඕන ජීවිතේ විඳවන්න වෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕනේ දෙයක් නෙවෙයි.
ආදරේ කරද්දි වැදගත්ම දෙයක් තමයි තේරුම් ගැනීම. දෙන්නෙක් තේරුම් නොගෙන කවදාවත් ඉදිරියට යන්නම් බැහැ.
හැබැයි දෙදෙනක් අතර තේරුම් ගැනීම නැතිවෙන එක අසනීප තත්ත්වයක් වුණොත්..?
ඒකට අනිත් කෙනාට චෝදනා කරලා හරියනවද..?
ඒ විදිහේ රෝගී තත්ත්වයක් තිබෙන බව ඔබ දන්නවද..?
සමහර විට ඔබත් ඔබේ ආදරය තුල මෙවැනි අත්දැකීමකට මුහුණදෙන්න සිදුවෙනවා වෙන්න පුළුවන්..
මේ ගැන ගාල්ල කරාපිටිය රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා මෙලෙස හෙළි කළා.
“මෙය හදුන්වන්න පුළුවන් මායිම් පෞර්ෂත්ව ආබාධය කියලා.
පෞර්ෂත්ව ආබාධ අපේ සමාජයේ බොහෝ වශයෙන් තියෙනවා.
අපේ මොලය වර්ධනය වන කාලේ නව යොවුන් වයසෙදි ආරම්භ වෙලා ජීවිත කාලෙම පවතින විවිධ අඩුලුහුඩුකම්වල එකතුවක් තමයි පෞර්ෂත්ව ආබාධය කියන්නේ.
මෙය ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම හැදුනත් එය ගැහැණුන් අතර බහුලයි.
මේ නිසා ප්‍රධාන වශයෙන්ම මෙම ආබාධය තියෙන පුද්ගලයාගේ දුර්වල කම තමයි කිසිම දේක ස්ථාවර භාවයක් නැතිකම. හැඟීම්වල තේරුම් ගැනීමේ ආදරයේ හැසිරීම, තේරුම් ගැනීමේ ස්ථාවරයක් නැතිකම මෙම අසනීප තත්ත්වයේ පේන්න තියෙනවා.
මේ අය බොහෝ වෙලාවට ආවේග ශීලීයි. ආවේගය පාලනය කරගන්න බැහැ.
ඒ අය හිතට දැනෙන දේ කරන්න ගිහින් අමාරුවේ වැටෙනවා.
ඉතිං ඒ අමාරුවේ වැටෙන අවස්ථා තමයි තරහ යාම.සුළු සිද්ධියකින් තරහ ගිහින් ඒ තරහ පිටකරනවා. හැබැයි ටික වෙලාවකින් නිවිලා යනවා. ඒ ගැන දුක් වෙනවත් අඩුයි.
මේ අය හැමදේකම හොද නරක වශයෙන් බෙදනවා.
ඒ කියන්නේ මේ ලෝකේ ඒ අය හොඳම කෙනා විදිහට දකින කෙනා සුළු වරදක් කළ ගමන්ම ලෝකේ ඉන්න නරකම කෙනා විදිහටයිි දකින්නේ.
ඒ වෙලාවට ආදරේ කරපු ආදරෙන් කතා කරපු කෙනා ප්‍රතික්ෂේප කරන්න මේ අය පෙළබෙනවා.
මේ අයගේ කේන්තිය නිසා විවිධ අයට ඇබ්බැහි වෙන්න පුළුවන්. මත්ද්‍රව්‍ය ගැනීම වගේ දේවල්වලට ඇබ්බැහි වෙන්න පුළුවන්.
පිරිමි පාර්ශවය මත්ද්‍රව්‍යට ඇබ්බැහි වෙද්දි කාන්තා පාර්ශවය ලිංගිකත්වයට, පිරිමින්ට ඇබ්බැහි වෙන්න පුළුවන්.
මේ අයගේ ආදර සම්බන්ධතා බොහොම කෙටි කාලීනයි.
මේ අයට ආදරෙන් කතාකරපු ගමන්ම ඒ අය එක්ක බැදෙන්න පුළුවන්. එතකොට ලෝකේ ඉන්න හොදම පෙම්වතා විදිහටයි ඒ කෙනාව දකින්නේ.
ඒත් සුළු අතපසුවීමකින් වැරැද්දකින් ඒ ආදර සම්බන්ධය කැඩීයන්න පුළුවන්.
ඒ වෙලාවට බිම පෙරලිලා කෑගහලා දුක්වෙනවා. මැරෙනවා කියලා තර්ජනය කරනවා. හැබැයි ඒ හැගීම තියෙන්නේ සුළු කාලයකට. දවසකින් ඒ හැමදේම අමතක වෙලා ආයෙමත් වෙනදා වගේ ජීවත් වෙනවා.
ඒ විතරක් නෙවෙයි දවස් දෙක තුනක් යනකොට මැරෙන්න තිබ්බ ආවේගය නැතිවෙලා අලුත් සම්බන්ධයක් ඇතිකරගන්න වුණත් පුළුවන්.
මේ අය සමාජයේ කැපීපෙනෙන්න කැමතියි. අනිත් අය එක්ක හරි ලස්සනට කතා කරනවා. ප්‍රේමාන්විත විදිහට චැට් කරනවා. දුරකථන පණිවුඩ යවනවා.
මේ අය කරන්නේ එක්තරා විදිහට මවාපෑමක්. හැඟීම්වලට ඒ අවස්ථාවේ නතුවීමක්. ඇත්ත ආදරයක් ඒ වෙලාවේ නෑ. ඉතා සුළුවෙලාවකින් අනිත් අය රැවටෙන්න පුළුවන්. හැබැයි ඒක දිග කාලයක් කරගන්න යන්න වෙන්නේ නෑ. මොකද ටික දවසක් යද්දි අනිත් කෙනා තේරුම් ගන්නවා මේක ස්ථාවර ආදරයක් නෙවෙයි කියලා.
මේ අය සුළු මොහොතකින් දුකට පත්වෙනවා. ජීවිතේ හිස්බව ගැන හිතනවා. විශාදය වගේ ජීවිතය ගැන එපාවීම සුළු මොහොතකින් ඇතිවෙලා ආයෙමත් නැතිවෙනවා. ඒ අවස්ථාවේ තමන්ගේ හැඟීම පාලනය කරගන්න බැරිව තමයි අතපය කපාගන්න එහෙම උත්සහ කරන්නේ. අනිත් කෙනාට තර්ජනය කරනවා තමන්ව ඈත් කළොත් මැරෙනවා කියලා අනිත් කෙනාට තර්ජනය කරනවා.
තර්ජනය කරලා හරි අනිත් කෙනාව පාලනය කරගන්නයි බලන්නේ.
මේ වගේ අය සමාජයේ ඕනේ තරම් ඉන්නවා. මේ වගේ පෞර්ෂත්ව ආබාධයක් ඇතිවුණාම ඒක වෙනස් කරන එක ගොඩක් අමාරුදෙයක්.
මේ වගේ අය එක්ක කතා කරන එක හැසිරෙන විදිහ අනිත් අය තේරුම් ගන්න ඕනේ. ඒ අයගේ ආවේගයන් වර්ධනය වෙන විදිහට හැසිරෙන්නේ නැතිව ඒ අයගේ තර්ජනවලට ප්‍රතිචාර දක්වන්නේ නැතිව ඉන්නේ කොහොමද කියන එක දැනගන්න ඕනේ.
මේ වගේ අය එක්ක ආදර සම්බන්ධතා පවත්වගන්න එක අමාරුම දෙයක්.
ඒකට විශේෂ සමත්කමත් නැත්නම් ඒ සම්බන්ධය පවත්වන එක තමයි හොඳ. මේ අයට ප්‍රතිකාර කරන්න පුළුවන්.
දිගටම බෙහෙත් බොන්න ඕනේ. මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර කරන්න ඕනේ.. මෙම ඖෂධ හා මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ජීවිත කාලෙම ලබාගැනීම තුලින් සම්පූර්ණයෙන් සුව කරන්න බැරි වුණත් හැසිරීම්වල පාලනයක් ඇතිකරන්න පුළුවන්.”

මෙම රෝගී තත්ත්වය දැක්වෙන කෙටි පණිවුඩ සංවාදයක් පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!