Gossip

මේකප් ටිකක් දාලා හිටවලා තිබ්බම නිළියක් කියලා තමයි මම ඒ කාලේ හිතාගෙන හිටියේ – රුක්ෂානා දිසානායක

රුක්ෂානා දිසානායක කියන්නේ පුංචි තිරයෙන් රසිකයන් අතරට ආපුු ඒ වගේම මියුසික් වීඩියෝවලින් හැමෝම දැනගත්තු චරිතයක්.
ඉතිං රුක්ෂානාගේ අලුත්ම විස්තර ගැන සතිඅන්ත පුවත්පතක මෙලෙස පලවී තිබුණා.

රුක්ෂානා මේ දවස්වල පුංචි තිරයේ වැඩිපුර පේන්න අරගෙනනේ?

ඔව්. මම සම්බන්ධ ටෙලි නාට්‍ය පහක්ම මේ දවස්වල විකාශය වෙනවා. ඒ නිසයි මාව වැඩිපුර පේනවා වගේ දැනෙනවා ඇත්තේ.

රුක්ෂානා තවම දකින්න ලැබෙන්නේ උප ප්‍රධාන චරිතවලින්. ප්‍රධාන චරිතවල පෙනී හිටින්න වුවමනාවක් නැද්ද?
මම ටෙලි නාට්‍යවල ප්‍රධාන නිළියක් නෙවෙයි. ටෙලි නාට්‍යවල සීන් එක, දෙක කරලා තමයි මම මේ තැනට ආවේ.
මම ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු දෙකක් වෙනවා. මේ ඉන්න තැන ගැන මට සතුටුයි. ප්‍රධාන චරිතයක් කරන්න ආසාවකුත් තියෙනවා.

ඒ හීනය දුර ඇයි?
දක්‍ෂතාව, ලස්සන, ආකර්ෂණය, වාසනාව කියන හැමදේම තියෙන්න ඕන ප්‍රධාන නිළියක් වෙන්න. සමහර විට මට මේ හැම දෙයින්ම බාගේ බාගේ ඇත්තේ.

රංගන ක්‍ෂේත්‍රයේ නිළියෝ වැඩියි නළුවෝ අඩුයි. රුක්ෂානාට තමන්ගේ පැවැත්ම හදාගන්න තරගයක් තියෙනවා කියලා දැනිලා තියෙනවද?
ලංකාවේ නිළියෝ නම් ගොඩක් ඉන්නවා. මොන විදියට ක්‍ෂේත්‍රයට ආවත් අපේ පැවැත්ම තියෙන්නේ අපේ අතේ.
අපි රංගනය ගැන අධ්‍යයනය කරලා අප්ඩේට් වුණොත් පැවැත්ම හදාගන්න බැරි වෙන එකක් නෑ.

රංගනයට එද්දී හිතාගෙන හිටපු ලෝකයද රුක්ෂානාට මුණ ගැහිලා තියෙන්නේ?
ඇත්තටම මේකප් ටිකක් දාලා හිටවලා තිබ්බම නිළියක් කියලා තමයි මම ඒ කාලේ හිතාගෙන හිටියේ.
හැබැයි රංගනයට ආවම ඒක කොයි තරම් අමාරු දෙයක්ද කියලා තේරුම් ගත්තා.

ක්ෂේත්‍රයේ කැපිලි තියෙනවාද?
නැත්තේමත් නැහැ. හැබැයි මම ඒවා ගනන් ගන්නෙත් නැහැ. මොකද කාට වුණත් කොපි කරන්න පුළුවන්. හැබැයි සම කරන්න බෑනේ.

රංගනය නිසා ඔබට හිමිවුණ දේවල්ද අහිමි වුණ දේවල්ද වැඩි?
මට හිමිවුණ දේවල් වැඩියි. මොකද රංගන ශිල්පිනියක් වෙන්න මට හීනයක් තිබ්බා.
රංගනයට ආවා කියලා මම අධ්‍යාපන කටයුතු මඟ හැර ගත්තෙත් නැහැ. මම මගේ හීනයටත් ගියා.

රුක්ෂානාට ජීවිතේ අහිමි වුණ දේවල් ඇත්තෙම නැද්ද?
අහිමි වුණ දේවල් තියෙනවා. හැබැයි ඒ දේවල් අහිමි වුණේ හොඳකට කියලා තමයි මම හිතන්නේ.

සමහරු කියනවා ක්‍ෂේත්‍රයේ ඉන්න නිළියන් දැලේ දාගන්න උත්සාහ කරන අය ක්ෂේත්‍රයේ වැහි වැහැලා කියලා. ඇත්තද මේ කතා?
ජනප්‍රියත්වය තියෙන, ලස්සන කෙනෙක් තමන්ගේ කරගන්න සමහරු කැමැති වෙන්න පුළුවන්.
නමුත් නිවැරැදි වෙලාවේ තමන්ට අවශ්‍ය නිවැරැදි කෙනා කවුද කියලා තමන් තීරණය කරන්න ඕන.

රුක්ෂානාට දැන් නිවැරැදි කෙනෙක් ළංවෙලාද ඉන්නේ?
ඔව්. එහෙම කෙනෙක් ඉන්නවා.

ඒ කෙනා රංගන ක්‍ෂේත්‍රයෙම කෙනෙක්ද?
ඒ ගැන පස්සේ කියමු නේද?

ඒ නිවැරැදි කෙනා තමන්ගෙම කරගන්නේ කවද්ද?
තව අවුරුදු දෙකකින් විතර එයා මගේ වෙයි කියලා හිතනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!