Gossip

නිල් මහා සටනේ ජය රාජකීයන්ටයි

match

137 වන කොළඹ රාජකීය – ගල්කිස්ස ශාන්ත තෝමස් නිල් මහ සටන ක්‍රිකට් තරඟයේ ජය ගැනීමට රාජකීය කණ්ඩායම සමත් විය.

ලකුණු 150ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය රාජකීය කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 150ක් ලබා ජය වාර්තා කළේය.

තරගයේ පළමු ඉනිමට ශාන්ත තෝමස් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 350ක් ලබා සිටියදී ඉනිම අත්හිටවූ අතර පිළිතුරු ලෙස රාජකීය කණ්ඩායම කඩුලු 9ට ලකුණු 328ක් ලබා ගන්නා ලදී.

එහිදී ශාන්ත තෝමස් කණ්ඩායම වෙනුවෙන් එල්.ආර් ඕපාත ලකුණු 124ක් ලබාගත් අතර රාජකීය කණ්ඩායම වෙනුවෙන් එස් සූරියබණ්ඩාර ලකුණු 123ක් වශයෙන් ලබාගත්හ.

නැවත දෙවන ඉනිම ක්‍රීඩා කළ ශාන්ත තෝමස් කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 127ක් ලබාගත්තේය.

ඒ අනූව රාජකීය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලැබුණු ඉලක්කය ලකුණු 150කි.

ඔවුන් කඩුලු 6ක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.

රාජකීය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් එම් කාරියවසම් නොදැවී ලකුණු 38ක් ලබා ගනිමින් ජයග්‍රහණයට වැඩි දායකත්වය ලබාදුන්නේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!