Gossip

“ඇයත් ඉතාම සරලව ජීවත්වෙන කෙනෙක්‌. මමත් පොළොවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක්‌”

රොෂාන් පිලපිටිය කියන්නේ කා අතරත් ජනප්‍රිය කාගෙත් ආදරය දිනාගත්තු ජනප්‍රිය නළුවෙක්.
රොෂාන් පිලපිටියගේ විවාහයත් එක්ක විවිධ කතා හැමතැනම වගේ පැතිරුණා.
මේ රොෂාන් සතිඅන්ත පුවත්පතකට තමන්ගේ අලුත්ම විස්තර මේ විදිහට කියලා තිබුණා.

ඉස්‌සර නං රොෂාන්ව දැක්‌කේ හරවත් නිර්මාණවල. හැබැයි දැන් නං මෙගා ටෙලිනාට්‍යවලින් තමයි දකින්න පුළුවන්?
දැන් හැදෙන්නේ මෙවැනි ටෙලි නාට්‍ය. මොකද මේ ක්‌ෂේත්‍රය තුළ ගැටළු තියෙනවා.
ඒ ගැටළු විසඳෙන්න නිසි ප්‍රතිපත්තියක්‌ අවශ්‍යයි. කලාවේ සියලු අංගවල මේ අර්බුදය තියෙනවා.
ජාතික ප්‍රතිපත්තියක්‌ එන්නම ඕනෑ. නැත්නම් හොඳ දේවල් තවත් හිඟ වේවි.

අධ්‍යක්‌ෂණය පැත්තට යොමු වෙන්න අදහසක්‌ නැද්ද?
ඇත්තටම හරිම උත්තරේ නං අධ්‍යක්‌ෂණය කරන්න මම දන්නේ නැහැ.
අවුරුදු ගානක්‌ රඟපෑවට අධ්‍යක්‌ෂණය කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ. තාම මම ඒකට සුදුසු නෑ. කාලයක්‌ ගිහිං බලමු නේ..

ඔබ ප්‍රසිද්ධ දේශපාලනයට එකතු වෙන්නේ නැද්ද?
මම මගේ ඡන්දය භාවිත කරනවා. ඒ හැරුණුකොට ඡන්දෙ ඉල්ලන්නවත්, ඒ දේවල්වලට මම යොමු වෙන්නේ නෑ.
ඒකට මම සුදුසුත් නෑ. ඉතිං ඡන්දය භාවිත කරනවා මිසක්‌, මට දේශපාලනයක්‌ පුද්ගලිකව තියෙනවා මිසක්‌, ඔය කියන කාරණාවට මම යොමු වෙන්නේ නෑ.

රිද්මා මුණගැසුණේ ?
බිරිඳත් නුවර තමයි. අපේ ගමේමයි. අවුරුදු හතරක්‌ පහක්‌ විතර අපි යාළුවෝ විදිහට අඳුරගෙන හිටියා.
පස්‌සේ තමයි ඒ ඇසුර ආදරයක්‌ වුණේ. නමුත් පසු කාලීනව හිතුණා අපේ අදහස්‌ ගැළපෙනවා සහ විවාහය ගැන හිතන්න ඕනෑ කියලා.
ඇය රිද්මා දිසානායක. දැන් රිද්මා පිලපිටිය. ඇය රැකියාවක්‌ කරන්නේ නෑ.

ඔබේ ජීවිතේට ඇවිත් ගිය අය ඉන්නවා. මේ ඇවිත් ඉන්නේ හොඳම කෙනාද?
ඇත්තටම මම ගත්ත හොඳම තීරණය මේක කියලා මම විශ්වාස කරනවා.
මොකද ඇයත් ඉතාම සරලව ජීවත්වෙන කෙනෙක්‌. මමත් පොළොවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක්‌. අපේ අදහස්‌ ගැළපෙනවා.
ඉතිං මම හිතනවා මේ මම ජීවිතේ ගත්ත හොඳම තීරණය කියලා.

පහුගිය දවස්‌වල ඔබ පිළිබඳ බොහෝ කතා ප්‍රචාරය වුණා?
ඇත්තටම ඒ සම්බන්ධව මම කතා කරන්න කැමැති නෑ.
ඉතිං ඕනෑ කෙනෙකුට ඕනෑ දෙයක්‌ කියන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් යම් යම් කාරණාවලට මගේ නීතිඥයා කටයුතු කරනවා.
මොකද මම විවාහ වෙනකන්ම ඉඳලා මේ මඩ ගහන දේවල් ගැන දන්න හැමෝම දන්නවා.
ඉතිං ඒ දේවල් අපි අපේ ජීවිතවලට අදාළ කරගත්තේ නැහැ.
සිද්ධ වෙච්ච දේවල් දිහා ආපහු හැරිලා බලද්දී හිතුණේ නැද්ද අලුත් ජීවිතයක්‌ පටන් ගත්ත මේ වෙලාවේ විදෙස්‌ගත වුණා නම් හොඳයි කියලා?
අනේ නෑ. එහෙම මට ප්‍රශ්නයක්‌ නෑ. මම මේ රටේ ජීවත් වෙන්නේ. සමහර අය ඒ දේවල් ප්‍රශ්න කරගත්තට මට එහෙම නෑ.
මම ගැන හොඳ කිව්වම විශේෂයෙන් සතුටක්‌වත්, නරක කිව්වා කියලා අමුතු දුකක්‌වත් හිතන කෙනෙක්‌ නෙමෙයි. මේ රටේ විදිහ මේක තමයි. ඒක දැනගෙන ජීවත් වෙන්න ඕනෑ.

රොෂාන් පිලපිටියට fb account කීයක්‌ තියෙනවාද?
විශේෂයෙන්ම කියන්න ඕනෑ, මමත් මගේ බිරිඳත් භාවිත කරන්නේ instagram පමණයි. fb භාවිත කරනවා නම් අපේ නමින් ඒ සියල්ල අපේ නොවන අපි වගේ පෙනී හිටිමින් වෙන අය භාවිත කරන ෆේක්‌ එකවුන්ට්‌ස්‌.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!