Gossip

නව රජයක් පත්කිරීමට මහින්ද සැරසෙයි – ආණ්ඩුවට අභියෝගයක් කරමින් හිටපු ජනපති කරන්න හදන දේ මෙන්න – වීඩියෝ

රටේ තිබෙන අස්ථාවර භාවය නැති කිරීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවාහැර පවත්වන මහ මැතිවරණයකින් නව රජයක් තෝරා පත්කරගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
පළාත් පලන මැතිවරණයේ ජයග්‍රහණයෙන් පසු අද කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.
මෙම ජයග්‍රහණය ඓතිහාසික ජයග්‍රහණයක් බවත් පළාත් පාලන ආයතන 232 ක බලය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හැකියාව ලැබී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙම ඡන්ද ප්‍රතිඵලය ලබා ගැනීමට හේතු වූයේ ආණ්ඩුවේ පළිගැනීමේ ක්‍රියා කලාපය සහ බදු බර වැඩි කිරීම සහනාදාර කපා හැරීම ආදි කරුණු නිසා බව ඔහු ප්‍රකාශ කළේය.
එසේම මෙම ඡන්දය ගමට නියෝජිතයෙකු තෝරාපත් කර ගැනීමට වඩා එහා ගිය ජාතික මැතිවරණයක් හා ජනමත විමසුමක් බවට පත්වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!