Gossip

“දැන් මුළු ලංකාවම මගේ වෙඩින් එකට එන්න හදනවා” – බුකිය රත් කළ ආරාධනා පත්‍රය ගැන රෝහිත රාජපක්ෂ වෙබ් ගොසිප් වෙත කියපු කතාව -Exclusive

අපේ රටේ ඉන්න ප්‍රබල දේශපාලඥයෙකුගේ පුතෙක් මේ මසදී විවාහ වන බවට පසුගියදා මුළු රටේම කතාබහට ලක්වුණා.

ඒ වෙන කවුරුත් නෙවෙයි මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ එහෙමත් නැත්නම් “චිචී” ගේ විවාහයයි.

මේ වන විට ගායකයෙක් ලෙසින්ද කාගෙත් හිත් දිනාගෙන සිටින රෝහිත රාජපක්ෂගේ ආදරණීය පෙම්වතිය තමයි ටට්යානා කියන්නේ.

ඉතින් මේ දෙන්නා මේ මස 24 වන දින තංගල්ලේදී විවාහ වන බවට දැක්වෙන විවාහ ඇරයුම්පතක්ද සමාජජාල මාධ්‍යයන්වල පැතිරෙන්න පටන් ගත්තා.

කොහොමවුණත් මෙහෙම පැතිරෙන ආරංචිය බොරුවක් කියලා රෝහිත රාජපක්ෂ සිය ට්විටර් ගිණුමෙන් පවසා තිබුණා.

තමන් ජනවාරි 24 වැනිදා යුගදිවියට ඇතුළත් වන බවට සත්‍යයක් නමුත් ඒ සමග ප්‍රසිද්ධියට පත්කර තිබෙන ආරාධනා පත්‍රය  ව්‍යාජ එකක් කියලායි ඔහු කියලා තිබුණේ.

කොහොමවුණත් මේ ගැන ඇත්ත මොකද්ද කියලා වෙබ් ගොසිප් අපි රෝහිත රාජපක්ෂ දුරකතනයෙන් සම්බන්ධ කරගත්තා. ඉතින් ඔහු කිව්වේ “මේ ආරාධනා පත්‍රය බොරුවක්. දැන් ලංකාවට මගේ වෙඩින් එකට එන්න බලන් ඉන්නවා කියලායි “.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!