Gossip

හිටපු ජනපතිගේ මාධ්‍ය ලේකම්ගෙන් කට උත්තරයක්!

රොහාන් වැලිවිට මහතාගේ  “මාගේ කට උත්තරය” කෘතිය 07 වෙනිදා දොරට වැඩීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මධ්‍ය  ලේකම්    රොහාන් වැලිවිට විසින් රචනා කළ “මාගේ කට උත්තරය” ග්‍රන්ථය පෙබරවාරි 07 වන අගහරුවාදා ප.ව.3.00 කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී දොරට වැඩීමට නියමිතව තිබෙනවා.

මෙම ග්‍රන්ථය රොහාන් වැලිවිට මහතා විසින් රචනා කරන ලද්දේ ඔහු බන්ධනාගාර ගතව සිටි දින 45 ක කාලය තුළදී බව වාර්තා වෙයි.

මෙම අවස්ථාවට ප්‍රධාන අරධිතයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන අතර ප්‍රධාන දේශනය හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා විසින් පවත්වනු ලබයි.

මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින්වහන්සේ මුලසුන හොබවන අතර මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  දිනේෂ් ගුනවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රීව විමල් වීරවංශ, නව වාමාංශික පෙරමුණේ නායක වාසු දේවනානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ උරුමයේ නායක උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරුන් සෙසු දේශන පවත්වනු ලබයි.

“මාගේ කට උත්තරය” රොහාන් වැලිවිට විසින් රචනා කල හතරවන  ග්‍රන්ථය වෙයි.
1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!