Gossip

මහ දවල් කැම්පස් කෙල්ලගේ මාලේ කඩාගන්නා අයුරු ( CCTV දර්ශන සහිතයි)

 

යතුරුපැදි සොරාගෙන මාල කැඩූ තරුණයින් දෙදෙනෙකුගේ සී.සී.ටී.වී දර්ශන මාධ්‍යට නිකුත් වී තිබෙනවා.

බස්නාහිර පළාතේ පොලිස්වසම් හයකින් මෙලෙස මොවුන් යතුරුපැදි සොරාගෙන රන්මාල කොල්ලකෑම සිදු කර තිබෙනවා.

මාල කඩා ගැනීමෙන් පසුව යතුරුපැදියද ඒ අසල අතහැර දමා යාම මොවුන්ගේ සිරිත බවත් ඊළඟ කොල්ලයට වෙනත් යතුරුපැදියක් සොරකම් කරන බවත් කහතුඩුව පොලිසිය පවසනවා.

මහරගම මහල්අරාව ප‍්‍රදේශයේ පාරකදී විශ්ව විද්‍යාල ශිෂ්‍යයාවක් මෙලෙස තරුණයින් දෙදෙනා විසින් මාලය කොල්ලකා ඇති බව  පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මේ අනුව පොල්ගස් ඕවිටදී මොවුන්ව අත්අඩංගුව ගත් පොලිසිය එම මාල මිලට ගෙන උණුකර රන් විකිණූ බව කියන බණ්ඩාරගම, අටුළුගම ව්‍යාපාරිකයකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දෙදෙනා විසින් කඩන ලදැයි කියන මාල 32 ක් ගැන පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

මොවුන් මාලය කොල්ලකන අයුරු සී.සී.ටී.වී. කැමරාවට හසුවූ අයුරු පහතින් බලන්න

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!