Gossip

තනිකඩ ජීවිතයේ තියෙන පාලුව හුදකලාව විඳින වෙලාවට හිතෙනවා ජීවිතේ තව කෙනෙක් එක්ක බෙදා ගන්න – රිතූ ආකර්ෂා

රිතූ ආකර්ෂා කියන්නේ දැන් කවුරුත් දන්න කවුරුත් ආදරය කරන නිළියක්.
ඇය සමහර අවස්ථාවල පුවත් මන චරිතයක් වුණා.
මේ ඇය ගැන සතිඅන්ත පුවත්පතක පලවූ අදහසක්.

සතුට හා දුක කෙටියෙන් නිර්වචනය කරන්න කියලා අපි ඔබට කියනවා. ඔබ කොහොමද එය කරන්නේ?
සතුට කියන්නේ මුහුණට හිනාවක් අරගෙන එන දේට. එතකොට දුක කියන්නේ ඇහැට කඳුළක් රැගෙන එන දේට.

කලාකාරියක විදියට ඔබ අත් විඳපු ලොකුම සතුට මතකද?
සුමති සම්මාන උළෙ‍ලේදී ජනප්‍රිය නිළිය විදියට මගේ නම නිර්දේශ වූ අවස්ථාව. එදා ඒ සම්මානය මට හිමි වුණේ නැහැ. ඒත් නිර්දේශ වීමම මට කියාගන්න බැරි සතුටක් ඇති කළා.

කලාකාරියක් විදියට ඔබ විඳපු ලොකුම දුක මොකක්ද?
ජනප්‍රිය චරිතලට මඩ ගහන එක අද මෝස්තරයක් වෙලා. කිසිම හේතුවක් නැතුව කිසිම පදනමක් නැතුව මේ විදියට අසත්‍ය ප්‍රවෘත්ති පතුරවනවා. ඒ වගේ පතුරවන සමහර ප්‍රවෘත්ති මට හීනෙකින්වත් හිතාගන්න බැරි දේවල්. මම අද නිළියක් විදියට කටයුතු කළත් මමත් හැඟීම් දැනීම් තියෙන කෙල්ලෙක්. මා ගැන බොරු ප්‍රචාර ඔය විදිහට පතුරවන කොට මට මහා ලොකු දුකක් ඇතිවෙනවා.

පෞද්ගලික ජීවිතේ ඔබ විඳපු ලොකුම දුක මොකක්ද?
මගේ අයියා විදෙස් ගත වූ දවසේ ඇති වූ දුක.

එතකොට පෞද්ගලික ජීවිතේ ඔබ විඳපු ලොකුම සතුට?
අයියා ආයෙමත් ලංකාවට ආපු දවසේ දැණුනු සතුට තමයි මම මගේ ජීවිතේ විඳි ලොකුම සතුට.

ඔබට “ආදරය” සතුටක්ද? දුකක්ද?
ආදරේ තුළ සතුට, සැනසීම, වගේම දුක වේදනාව කලකිරීම් මේ හැම දෙයක්ම තියෙනවා. මේ හැම දෙයක්ම මම අත්විඳලත් තියෙනවා.

ඔබ හිතන විදියට වැඩිපුරම සතුට තියෙන්නේ තනිකඩ ජීවිතය තුළද විවාහ ජීවිතය තුළද?
විවාහ ජීවිතේ සතුට හෝ දුක කියන්න මම විවාහ වෙලා නැහැනේ. විවාහකයන්ගේ ජීවිත දිහා බලලා තමයි මට තීරණය කරන්න වෙන්නේ විවාහ දිවිය කොහොමද කියන එක. ඒත් වෙනත් අයගේ ජීවිතවලට එබි බලන්න මට අයිතියක් නැහැනේ. ඒ හින්දා විවාහ ජීවිතේ ගැන නම් මට මහා විග්‍රහයක් කරන්න බැහැ. හැබැයි තනිකඩ ජීවිතේ ගැන නම් කියන්න පුළුවන්.

එහෙනම් කියන්නකෝ තනිකඩ ජීවිතය සතුටක්ද දුකක්ද?
තනිකඩ ජීවිතය තුළ තියෙන සතුට, සැනසීම, සැහැල්ලුව, විඳිනකොට හිතෙනවා තනිකඩ ජීවිතය කොයි තරම් සතුටක්ද කියලා. ඒත් තනිකඩ ජීවිතයේ තියෙන පාලුව හුදකලාව විඳින වෙලාවට හිතෙනවා ජීවිතේ තව කෙනෙක් එක්ක බෙදා ගන්න තිබුණා නම් කොච්චර හොඳද කියලා.

ආදරේ හින්දා ඔබ විඳපු ලොකු සතුටයි, බරපතළම වේදනාවයි අපිට කියන්න?
ආදරේ සම්බන්ධ කිසිම දෙයක් මාධ්‍යයට කියන්න මම කැමති නැහැ. අපේ නිළියෝ ගොඩක් ප්‍රශ්න දා ගත්තේ පෞද්ගලික දේවල් මාධ්‍යයට කියන්න ගිහින්. මම මීට පස්සේ මගේ පෞද්ගලික ජීවිතේට අදාළ කිසිම දෙයක් මාධ්‍යයට කියන්නේ නැහැ කියලයි හිතාගෙන ඉන්නේ.

වෙනත් කෙනෙකු හින්දා “රිතූ” වඩාත්ම සතුටට පත්වූ අවස්ථා හා දුක් වූ අවස්ථා ඇති?
රිතික් රෝෂන්ට සම්මානයක් ලැබුණත් විරාත් කෝලි ජයග්‍රහණයක් ලැබුවත් ඒක මට විශාල සතුටක්. ඒ අයට දුක්බර දෙයක් වුණාම ඒක මටත් විශාල දුකක්.

“රිතූ හින්දා වෙනත් අය සතුටු වූ අවස්ථා වගේම දුක් වූ අවස්ථාත් ඇති……..?
ඒක මම දන්නේ නැහැ.

අනාගතය ගැන හිතද්දී ඔබට දැනෙන්නේ සතුටක්ද? දුකක්ද?
මේ විෂම සමාජයේ හමුවන මිනිස්සු දැක්කාම, ලෝකෙ සිද්ධ වෙන දේවල් දැක්කාම හෙට දවස කොයි වගේ වෙයිද කියලා කියන්න බැහැ. මගේ ජීවිතය වගේම අපි හැමෝගෙම ජීවිත ගැන මට හිතෙන්නේ එහෙමයි. ඉතින් ඒ වගේ පසුබිමක අනාගතය ගැන හිතන කොට මට නම් දැනෙන්නෙ මහා බයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!