Gossip

ජාත්‍යන්තරය ජයගෙන ශ්‍රී ලාංකික නාමය බබලවන්නට වෙර දරන දිරිය කාන්තාව විනෝමා අද සටන් බිමට පිවිසෙයි – Photos

ඇමරිකාවේ පැවැත්වෙන Mrs International 2017 තරගාවලියට සහභාගී වීමට වරම් ලැබූ දිරිය කාන්තාවක් වූ විනෝමා ගැන අපි මීට පෙර ඔබට කිව්වා මතක ඇති.
ඒ සඳහා එක්වීමට විනෝමා මේ වනවිට ඇමරිකාවට ගොස් තිබෙනවා.
මෙම Mrs International 2017 අවසන් වටය අදින් ආරම්භ වන අතර එය ලබන සෙනසුරාදා වනතෙක් පැවැත්වෙන බවයි විනෝමා අප සමඟ පැවසුවේ.
විවිධ රටවල් නියෝජනය කරමින් 65 දෙනෙකු මෙම Mrs International 2017 අවසන් වටයට එක්ව සිටින අතර විනෝමා සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නෙත්මි වික්‍රමභාහු පෙනී සිටිනවා.
ඇය සතුන්ට වන හිංසනය සම්බන්ධයෙන්ද සටන් කරන අයෙක්.
ශ්‍රී ලංකාව වෙනුවෙන් මොවුන් දෙදෙනා අත්වැල් බැඳ මෙම තරඟයට සටන් කරන බවයි විනෝමා අප සමඟ පැවසුවේ.
එංගලන්තයේ ජීවත් වන විනෝමා 37 හැවිරිදි වියේ පසුවන අතර ඇය දරුවන් තිදෙනෙකුගේ මවක්.
ඇය Mrs United kingdom International 2017 කිරුළද දිනාගැනීමට සමත්ව තිබෙනවා.
විනෝමා පවසන්නේ ඇය නිරූපිකාවක් නොවන බවත් ජිවිතය ජයගත් එඩිතර කාන්තාවක් වශයෙන් ජාත්‍යන්තරය දිනාගෙන ඇති බවයි.
කෙසේ වෙතත් අදින් ඇරඹෙන Mrs International 2017 තරඟයෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දීම ඇගේ අරමුණ බවත් අප සමඟ පැවසුවා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!