Gossip

“එයා රූම් එකේ ලයිට් එකවත් දාන්නේ නෑ, බෙඩ්ෂීට් එක අරගෙන පොරවලා යනවා” – Exclusive

රොෂාන් පිලපිටිය හා රිද්මා පිලපිටිය ගැන පසුගිය දවස් ටිකේ හැමෝම වගේ කතාවුණා.
පුංචි තිරයේ වගේම රිදී තිරයේත් ප්‍රේමවන්තයාගේ චරිතයෙන් රසික හදවත් වැළඳගත් රොෂාන් පසුගියදා අලුත් ජීවිත ගමන ඇරඹුවා.
ඉතිං මේ අලුත් ජීවිතේ ගැනත් ඉදිරි බලාපොරොත්තු ගැනත් අහලා බලන්න වෙබ් ගොසිප් අපි රිද්මා පිලපිටියට කතා කළා.

කොහොමද අලුත් ජීවිතේ?
හම්… මේ දවස්වල සතුටින් පවුල් ජිවිතේ විදිනවා.

හුඟක් අය ඔබ දෙපලට මඩ ගැහුවා.. දැන් ඒ අය නිහඬ වෙලා නේද..?
ඇත්තටම කිව්වොත් තුන්දෙනෙක්…. ඉතිං එයාලා කරපුවා එයාලටම ලැබෙයි.. අපි නිහඬව ඉන්නවා.. බොරුවට ඒ දේවල් වෙනුවෙන් අපේ කාලය වැයකරනවා කියන්නේ බොරු වැඩක්..

රොෂාන්ගේ කලා කටයුතුවලට රිද්මා කොහොමද සහය දෙන්නේ…?
උපරිමයෙන්ම සහය දෙනවා.. මම ආසයි රොෂාන් ජීවිතේ ඉදිරියටම යනවට.. එයා ෂූටින් යද්දි හුඟක් වෙලාවට මාවත් එක්කගෙන යනවා.. එයාට පුළුවන් තරම් සහය වෙනවා මම.. කලාවේ දිගටම රැදී ඉඳලා ලොකු ගමනක් යනවා දකින්නයි මම කැමති..

රොෂාන් එක්ක ගත කරන ජීවිතේදී වුණු අමතකම නොවන සිදුවීම මොකද්ද?
අමතක නොවන සිදුවීම් ගොඩයි. එකපාර මතක් වෙන්නෙත් නෑ..
එයා ගොඩක් වෙලාවට උදේම නැගිටිනවා.. එයා පාන්දර පහට ෂූටින් යනවා. හැබැයි මාව ඇහැරවන්නේ නෑ.. හැමදාම එයා බෙඩ්ෂීට් එක අරගෙන පොරවලා කොට්ටෙ කකුල යටින් තියලා යනවා. රූම් එකේ ලයිට් එකවත් දාන්නේ නෑ මාව ඇහැරෙයි කියලා.. උදේ මම නැගිටලා බලනකොට එයා ගිහින්.. ගෙදර ඉන්න දවසට අපි මල් හදනවා.. එයා හැමතැනම මාව එක්කගෙන යනවා.. මේ ළඟදි මට අසනීප වෙලා මගේ ළඟින් හෙල්ලුනේවත් නෑ.. සැන්විච් හදලා දුන්නා.. එයා දන්නෙත් නෑ.. ඒත් කිරි හදලා කෑම හදලා ළඟටම ගෙනත් දුන්නා. ඇඳ ළඟින් හෙල්ලුනේවත් නෑ.. ඒ හැමදේම අමතක නොවන දේවල් මට..

ජීවිතේ ගත්ත තීරණ ගැන කලකිරුණු අවස්ථා මොනවාද?
ගත්තු තීරණ ගැන කලකිරිලා නෑ.. මොකද මම හොඳට හිතලා තීරණ ගන්නේ. අතපසුවීමක් වුණොත් ඒක හදාගන්නවා..

කැඳැල්ලට අලුත් අමුත්තෙක් එහෙම එකතු කරගන්න අදහසක් නැද්ද..?
බලාපොරොත්තුවක් තියෙනවා… හිතං ඉන්නවා… රොෂාන් අයියා බබාලට හරිම ආදරෙයි.. මමත් එහෙමයි..

රංගන ශිල්පීන්ගේ විවාහ ජීවිත අවුල් වෙන්නේ ඇයි?
මෙහෙමයි හුගක් වෙලාව රංගන ශිල්පීන් ගත්තොත් ලස්සනයි ප්‍රසිද්ධයි.
ඒ නිසා සමහරු බඳිනවා. ලස්සනට ආකර්ශනයට වහල් වෙලා ආ හින්දා හිත ගිහින් බදිනවා.. ඒ ආසාවටයි.. ටික දවසක් යනකොට දැකලා දැකලා සාමන්‍ය වෙනවා. එතකොට ඈත් වෙනවා.. ආදරේ එක්ක තේරුම් අරන් බදිනවනම් එහෙම වෙන්නේ නෑ.. ආදරේ වුණත් වැරදි පුද්ගලයන්ව ජීවිතේට ගත්තොත් වරදිනවා.. ඉතිං ඩිවෝස් වෙනවා. යාළුවෙලා මුල්කාලේ හැමදේම කරනවා.. ඒත් ටික කාලයක් යනකොට ඒ දේවල් නැතිවෙලා යනවා. එතකොට එපා වෙනවා. එතකොටයි හරි මිනිහා එළියට එන්නේ..

ඉදිරි බලාපොරොත්තු මොනවද..?
මගේ අධ්‍යාපන කටයුතු කරගෙන ඉදිරියට යන්න… මොනවාවුණත් පවුල් ජීවිතේ වෙනුවෙන් මම කැපවෙනවා.. මගේ ජීවිතේ රොෂාන් අයියා තමයි අංක එක දෙක තුන හතර..
මගේ හැමදේම එයා. පවුල කියන දේ වැදගත්. ඉතිං ඒ දේ මගේ හිතේ තියාගන හැමදාම හොදින් ඉන්න තමයි මගේ බලාපොරොත්තුව.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!