තරු හුට පට

ලෝක වාර්තාව පෙනී පෙනී ඇඟ උඩ වාහනය නතරවෙලා

මැති ඇමැතිවරුන් හා නිලධාරීන් ඉදිරියේ වාහන දහයක් සිය ශරීරිය මතින් යවා ලෝක වාර්තාවක් තැබීමට ගිය පුද්ගලයෙක් අවසානයේ රෝහල් ගත කිරීමට සිදු විය.

වරාය අධිකාරියේ ජය බහාළුම් පර්යන්තයේ සේවය කරන ජනක කාන්චන මුදන්නායක මෙසේ ලෝක වාර්තාවක් පිහිටුවීම සදහා මට්ටක්කුලිය මහපොළ අභ්‍යාස ආයතනය තෝරා ගත්තේය.

මෙය දැක ගැනීම සදහා වරාය නාවික කටයුතු ඇමැති අර්ජුන රණතුංග ඇමැතිවරයා හා ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර ඇමැතිවරයා ඇතුළු විශාල පිරිසක් එම ස්ථානයට රොක්ව සිටියහ.

මහා සංඝරත්නය වැඩම කරවා පිරිත් සත්ජායනා කොට පෙරවරු 10.16 ට යෙදුන සුබ මොහොතින් වාහන දහයක් සිය ඇඟ මතින් ගොස් ගිනස් වාර්තාවක් පිහිටුවීමේ අවස්ථාව ආරම්භවිය.

අඩියක් පමණ උසින් යුත් යකඩ කදන් දෙකක් අතිර උඩුබැලි අතට නිදාගෙන සිටන ජනකයේ ඇඟ මතින් වාහන ගමන් කරන්නට පටන් ගත්හ.

වාහනයේ රියැදුරු පැත්තේන් නොමැතිව වම්පස රෝදය ඹහුගේ ඇගමතින් ගමන් කරද්දී වාහනයේ රෝදය කෙලින් එනවා බැලීමට ද එක් නිලධාරියකු සිටියේය. නිලධාරී මණ්ඩලය කුමක් හෝ අකරතැබ්බයකදී වාහනය ක්ෂණිකව නතර කිරීමට විසිල් එකක් ප‍්‍රයෝජනයට ගෙන තිබිණ. ජනක මහතා ගේ ඇඟමතින් වාහන ගමන් කරද්දී ඹහුගේ පාද යුවල වාහනයට අසු නොවී ගමන් කරනුයේ අප කාගේත් කුතුහලය දනවමිනි.

වාහන ගමන්වාර හතරක් පහක් යද්දී එක්වරම ඹහුගේ පාදයක් වාහනයේ යට වැදිනවිට විනිසුරු නලාව නාද කෙරිණ.වහා ක‍්‍රියාත්මක වු රියැදුරු වාහනය කතර කෙරුණේ ජනකයේ ඇඟ මතය.ඹහුට එය දරාගත‍ නොහැකි විය .බලාසිටිය වුන් කැගැසුවිට වාහනය ඉදිරියට අඩියක් පමණ ගැනින . ගිනස් වාර්තාවක් තැබීමට හැදු ජනක වහාම ගිලන් රථයට දමාගෙන රෝහල කරා රැගෙන ගියහ.

2

1

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!