Gossip

සිහිසුන්ව වැටෙන ඔයාගේ අම්මගෙත් මහමෙරක් වගේ හැමදේම දිහා බලන් ඉන්න තාත්තගෙත් ඇවිලෙන ගින්දර නිවෙන්නේ නැතිවෙයි පුතේ

තංගල්ල පහලගොඩ ප්‍ර දේශයේ පදිංචි රවිඳු නිම්සර ගාර්දියවසම් නැමැති විසිඑක් හැවිරිදි තරුණයෙකු පසුගියදා මරණයට පත්වුණේ සංගීත සංදර්ශණයක් තුළ සිදුවූ වචන හුවමාරුවක් දුරදිග යාමෙන් දෙපිරිසක් අතර සිදුවූ ගැටුමකින්.

වීරකැටිය නගරයේ දින කිහිපයක් පුරා පැවති ඇසළ සැණකෙළියේ අවසන් දින රාත්‍රී ප්‍රසංගයක් නැරඹීම සඳහා මෙම තරුණයා තවත් තරුණයන් කිහිප දෙනෙකු සමග පැමිණ ඇති අතර සංගීත ප්‍රසංගය අතරතුර දෙපිරිසක් අතර යම් වචන හුවමාරුවක් සිදුවී තිබුණා.

පසුව අළුයම් කාලයේ වීරකැටිය පස්මන් හංදිය අසලට පැමිණ ඇති මෙම දෙපිරිස එහිදී වචන හුවමාරුව ගැටුමක් දක්වා දුරදිග ගොස් තිබූ අත එහිදී මෙම තරුණයා ඝාතනයට පත්ව තිබුණා.

කෙසේවෙතත් රවිඳු නිම්සරගේ ඥාතියෙකු විසින් දැමූ සටහනක් මේවනවිට බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙමින් තිබෙනවා. එහිදී ඇය පවසා තිබෙන්නේ රවිඳු නිම්සරගේ අවසන් හුස්ම පොද පිටවී යන මොහොතේ හෝ තමාට පිහියෙන් ඇන්නේ ඇයිදැයි ඔහු නොදැන සිටි බවයි. දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමේදී වැරදීමකින් මෙම තරුණයා ගොදුරක් වී ඇති බවටද ඇය සඳහන් කර තිබුණා.

මේ ඇය විසින් පළ කර තිබූ සටහනයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!