Gossip

ප්‍රසිද්ධ ගායකයෙක් දිවිනසා ගනියි

ලෝක ප්‍රසිද්ධ රොක් සංගීත කණ්ඩායමක් වූ ලින්කින් පාර්ක් සංගීත කණ්ඩායමේ නියාමක ගායකයා ලෙස කටයුතු කළ චෙස්ටර් බෙනින්ටන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ, ලොස්ඇන්ජලිස්හි පිහිටි සිය නිවසේදී ඔහු සියදිවි නසා ගන්නට ඇති බවට සැක කරන බවයි.

මිය යන විට ඔහු 41ක් වන වියේ පසුවූවා.

90 දශකයේ ආරම්භ වූ ලින්කින් පාර්ක් සංගීත කණ්ඩායමේ ගීත ඇල්බම මිලියන 70ක් පමණ ලොව පුරා අලෙවි වී ඇති අතර ඔවුන් ග්‍රැමී ඇතුළු සම්මාන රැසකින් ද පිදුම් ලබා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!