Gossip

”මම මැරෙන්න කළින් කොහොම හරි හොඳම රංගන ශිල්පියා වෙනවා..” – රවීන් කනිෂ්ක

රියැලටි වේදිකාව හරහා කලා ලොවට ප‍්‍රවිෂ්ට වූ හෙතෙම, 2018 වසරේ පැවති සුමති සහ රයිගම් සම්මාන උළෙලයන් හි දීත්, 2019 වසරේ පැවති ස්ලිම් නිල්සන් සමිමාන උළෙලේ දීත් මෙරට පුංචි තිරයේ ජනපි‍්‍රයතම රංගන ශිල්පියා ලෙසින් සම්මානිත වීමට වාසනාවන්ත විය. ‘දෙවෙනි ඉනිම’ මාලා නාටකයේ දී ඔහු නිරූපිත ‘අනුහස්’ ගේ චරිතය අදාළ සම්මානයන් හිමිවීමට හේතු පාඨ විය. අද රංගන ශිල්පියකු, ගායන ශිල්පියකු සහ ජනතා ආදරය දිනූ නිවේදකයකු ලෙස ද සිය හැකියාවන් විද්‍යාමාන කරන මේ අපූරු යොවුන් කලා ශිල්පියා වෙනින් කිසිවකු නොව හේ, රවීන් කනිෂ්ක නම් වන්නේ ය. මේ ඔහුත් අපත් අතර ගලා ගිය කෙටි කතා බහක සටහනයි.

 රයිගම් ටෙලීස් සම්මාන උළෙලත් ඔබට තවත් සම්මාන බලාපොරොත්තුවක් විය නොහැකිද?

ඇත්තටම මට එය නිසැකවම කියන්න හැකියාවක් නැතත්, මෙවරත් මා සම්මානිත ගොන්නේ නිර්දේශිතව සිටීම යම් බලාපොරොත්තුවක් ඇතිකරන්නක් කියලා පැවසිය හැකියි. මම දැන් අවස්ථා කිහිපයක දී මෙරට පුංචි තිරයේ ජනපි‍්‍රයතම රංගන ශිල්පියා බවට පත් වුණා. කොහොමත් මට හෙට දවස තවත් සුවිශේෂිතයි. ඒ මම නිවේදකයකු ලෙස දායක වන ‘දෙරණ ඞී‍්‍රම් ස්ටාර්’ අවසන් මහ තරගයත් එදිනටම යෙදී තිබීම. කොහොම වුණත් මට සම්මාන උළෙලත් අහක දමන්න බෑනේ. ඉතිං එතනට කොහොම හරි ඔඵව දමා නැවත අතනට යන්න මම උත්සාහ කරනවා.

 ජනපි‍්‍රයතම රංගන ශිල්පියාට හොඳම රංගන ශිල්පියා වීමේ අදහසක් නැද්ද?

මෙහෙමයි. ඕනෑම රංගන ශිල්පියකුට තමන්ගේ කලා දිවියේ පළමු සම්මානය ලෙස ජනපි‍්‍රය හෝ හොඳම කියන සම්මාන හිමිවිය හැකිව තිබෙනවා. මට ලැබුණේ ජනපි‍්‍රයතම කියන සම්මාන. හැබැයි ඒකෙන් කියවෙන්නේ නෑ මට හිමිව තිබෙන්නේ එය පමණක් කියලා. මගේ ලොකුම බලාපොරොත්තුව මම මැරෙන්න ඉස්සර කොහොම හරි හොඳම රංගන ශිල්පියා වීම. මම මේ යන්නේ ඒ ඉලක්කය කරා යන ගමන.

ඉලක්කය කරා යනවා කීවට ඔබ දෙවැනි ඉනිමෙන් පිට ගමනක් තවම හිතලා නෑනේ..

ඇත්ත. මම මේ කතන්දරේ ඉවර වෙනකම් වෙන ටෙලියකට යන එකක් නැහැ. මිනිස්සු කැමති සහ ඒ අයගේ හිතේ මේ වෙනකොට ඉන්නේ අනුහස්. ඉතිං මට ඒ අයව පටලවන්න වුවමනාවකුත් නැහැ. මම විවිධ චරිත කළොත් ඒ දේ වෙනවා. අනුහස්ට හුඟක් අය ආදරෙයි. ඉතිං මම හිතනවා මට එය ප‍්‍රමාණවත් කියලා.

 ප‍්‍රතික්ෂේප කරනවා කියන එකද?

ආරාධනා නම් එමටයි. සමහර දේවල් ප‍්‍රතික්ෂේප කිරීම තුළ හිත් අමනාපකම් පවා ඇතිව තිබෙනවා. නමුත් මම හිතනවා ඒ අය මාව තේරුම් ගනී කියලා. මම කැමතියි විවිධ චරිත හරහා මගේ පේ‍්‍රක්ෂකයා අතරට යන්න හැබැයි දැන් නෙවෙයි ඒකට අවස්ථාව. මම කියන්නේ ‘දෙවැනි ඉනිම’ අවසානයත් සමග තමයි මගේ විවිධ චරිත දකින්න ලැබෙන්නේ කියලා.

 සිනමාව සහ වේදිකාව කියන ස්ථාන දක්ෂ කලා ශිල්පියකු පෑගිය යුතුම තැන් හැටියටයි මා නම් දකින්නේ. එය ඔබට අනුව කුමනාකාර ද?

ඇත්ත. එය එසේම විය යුත්තක්. මට සිනමාවට එක්වන්න ආරාධනා ලැබුණා. මගේ කාර්යබහුලත්වයත් මටම බාධාවක් වෙලා තියනවා. නමුත් මේ වසරේ දී මම කෙසේ හෝ සිනමාවට එකතු වෙනවා කියන දේ මගේ රසිකයන්ට දැනුම් දෙන්න මෙය අවස්ථාව කර ගන්න කැමතියි. ඒ වගේම රංගනයේ දී වැදගත්ම අංගයන් වන සතර අභිනයන් පිළිබඳව නිවැරදි හැදෑරීම් වෙනුවෙන් වේදිකාවට සම්බන්ධ විය යුතුම බවත් මා දන්නවා. ඉතිං ඒ නිසා ඉතා ඉක්මනින් මම වේදිකාව පැත්තටත් ඇදී යයි.

සිනමාව සහ වේදිකාව වෙනුවෙන් දායක වන ලෙස අපේ ප‍්‍රවීණ කලා ශිල්පීන් බොහොමයක් ඔබට ඇරයුම් කර තිබෙන බව දැන ගන්න ලැබුණා. ඒ ආරංචිවල සත්‍යතාව ගැන යමක් පැවසුවොත්…

බොරුවක් නෙවී. මට එහෙම ආරාධනා ලැබුණා සහ ලැබෙමින් පවතිනවා. මම ඒ ගැන බොහොම කැමැත්තෙන් ඉන්නේ. මට ඕනේ මගේ ඇතුළේ ඉන්න කලා ශිල්පියා සතු දක්ෂතා තහවුරු කරන්න. මම හිතනවා නුදුරු අනාගතයේ දී අපේ ප‍්‍රවීණ කලා ශිල්පීන්ගේ නිර්මාණ වෙනුවෙන් මගේ රංගන දායකත්වය ලබා දීමෙන් එය එළිදැක්විය හැකි වෙයි කියලා. ඉකුත් දිනක අපේ ප‍්‍රවීණතම සිනමාවේදියකු වන මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නවතම සිනමා නිර්මාණයක් වෙනුවෙන් ගීතයක් ගායනා කිරීමට මට ලැබුණු අවස්ථාව මා සතුටින් භාරගෙන  කටයුත්ත නිසියාකාරව ඉටු කළා. ජනපි‍්‍රය ගායන ශිල්පිනි නිරෝෂා විරාජනී සමග තමයි මම ඒ ගීතය ගායනා කළේ.

 ඒ කියන්නෙ ඔබ ගායන ශිල්පියකු ලෙසත් දිගටම කටයුතු කරනවා කියන එකද?

ඔව්. මම දැනටත් ප‍්‍රසංග වේදිකාව වෙනුවෙන් මගේ ගායන හැකියාවන් එළිදක්වනවා  ඊට අමතරව දෙවැනි ඉනිම නාටකය වෙනුවෙනුත් ගීත ගයනවනේ. මගේ ස්වතන්ත‍්‍ර ගී නිර්මාණ කිහිපයක් තියෙනවා.
ඒ අතරින් ‘සඳ නිදන්න’ සහ ‘ගලා යන ගඟ’ ඉතාමත් ජනපි‍්‍රයයි. තවත් ගීත කිහිපයක් ඉදිරියේ දී එළිදැක්වීමේ  බලාපොරොත්තුවෙන් තමයි පසුවන්නේ.

සුජීව තත්සර.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!