Gossip

27 තරුණයාව දූෂණය කළ කෝටිපති කත ඡායාරූපයකින් මාට්ටු වුණු හැටි

27 හැවිරිදි විවාහක කාන්තාවක්  විසින් අවුරුදු 17ක තරුණයකු දූෂණය කළ බවට පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

මෙම කාන්තාව කෝටිපති ව්‍යාපාරිකයකුගේ බිරිඳක්  වන අතර ඔවුන් මීට වසරකට පෙර විවාහා වී ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 24 වැනිදා සිට සිය බිරිය අතුරුදන්ව ඇති බව මෙම ව්‍යාපාරිකයා පොලිසියට පැමිණිලි කර ඇති අතර ඇයගේ ඡායා රූපයක්ද පොලිසියට භාර දී තිබෙනවා.

මේ අතර එම ප්‍රදේශයේම පදිංචි 17 හැවිරිදි තරුණයකු ද අතුරුදන්ව ඇති බවට එම තරුණයාගේ පියා විසින් පොලිසියට පැමිණිලි කර තිබුණා.

පැමිණිල්ල දමා යෑමට සැරසෙද්දී පොලිසියේ තිබුණු කෝටිපති ව්‍යාපාරිකයාගේ බිරියගේ ඡායාරූපය දැක ඇති තරුණයොගේ පියා පොලිසියට පවාසා ඇත්තේ අදාල කාන්තාව තමාගේ පුතා සමඟ සමීප ඇසුරක් පැවැත් වූ බවට අසල්වාසීන් පැවැසූ බවයි.

ඒ ඔස්සේ පරීක්ෂණ ඇරඹූ පොලිසිය බස් නැවතුම් පොලක තිබූ CC TV කැමරා පරික්ෂා කිරීමේදී අදාල කාන්තාව හා තරුණයා බසයක නැග යන අයුරු දැක තිබෙනවා.

මේ යුවල නවාතැන් පොළක සිටින බවට පොලිසිට ලැබුණු ඔත්තුවකට අනුව කළ වැටලීමකින් කාන්තාව අත්අඩංගුවට ගෙන තරුණයා දූෂණය කළ බවට ඇයට එරෙහිව පොලිසිය චෝදනා නගා ඇත.

මෙම කාන්තාව එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

කිසිවිටෙකත් තමන් අදාල තරුණයා දූෂණය නොකළ බවත් ඔවුනොවුන් ආදරයෙන් බැඳී සිටින බවත් නුදුරේම ඔවුනොවුන් විවහා වන බවත් කාන්තාව පොලිසියට පවසා තිබෙනවා.

කෙසේ වෙතත් මොවුන් සොයා ගැනීමෙන් පසු කළ වෛද්‍ය පරීක්ෂණයකින්  පසු ඔවුන් ලිංගික සම්බන්ධතා පවත්වා ඇති බව තහවුරු වී ඇති බව ඉන්දීය මාධ්‍ය  වාර්තා කර තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!