Gossip

රංජන්/ ආනන්ද නොදැන කරපු වැඩක් පත්තුවෙයි – නමුත් චෝදනාව ඇත්තලු!

cvr

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නැතැයි කියැවුණු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ තිබී සොයාගත් ඩිෆෙන්ඩරය  ජනාධිපති ලේකම් කාර්යාලයේ නමට ලියාපදිංචිකර ඇති බව සඳහන් එහි ලියාපදිංචියේ ඡායා පිටපතක් අප වෙත ලැබී තිබේ.

මෙම වාහනය අපරාධ ගණනාවකට සම්බන්ධ බවට පසුගියදා සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන නියෝජ්‍ය  අමාත්‍ය රංජන් රාමනායක මහතා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා විසින් මාධ්‍යයට අනාවරණය කරන ලදී.

මෙම හෙළිදරව්වේදී අදාළ වාහනය හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් භාවිතා කළ බවටත්, එය පසුගිය කාලයේ අපරාධ රැසකට යොදාගත් වාහනයක් බවටත්, තොරතුරු අනාවරණය වී ඇතැයි මෙම මන්ත්‍රීවරු දෙපළ එය වාර්තා කිරීමට මාදිවෙලට ගිය මාධ්‍යවේදීන් කණ්ඩායමට හෙළි කළේය.

කෙසේ වෙතත් හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් තමන්ගේ කීර්ති නාමයට හානි සිදුවූ බව පවසා මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාට එරෙහිව එන්තරවාසි යැවීමට කටයුතු කළ බවද  ඔහු විසින් මාධ්‍ය හමුවක් පවත්වා අනාවරණය කරන ලදී.

මෙවන් වාතාවරණයකදී අදාළ වාහනය ජනාධිපති ලේකම් කාර්යාලයේ නමට ලියාපදිංචිකර ඇතැයි පැවසෙන එහි ලියාපදිංචි සහතිකයේ (පොත) ඡායා පිටපතක් අප වෙත ලැබී තිබෙනවා.

එහි ලියාපදිංචිය, චැසි අංකය, ඇතුළු විස්තර ගණනාවක් සඳහන්ව ඇති අයුරු දක්නට හැකිය.

මේ ගැන සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන නියෝජ්‍ය  අමාත්‍ය රංජන් රාමනායක මහතාගෙන් පෙරළා කරන ලද විමසීමකදී ඒ මහතා කියා සිටියේ මෙම වාහනය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නැති බවට තමන් එදින මාධ්‍යයට කළ හෙළිදරව්වට අනූව එහි අසත්‍යතාවයක් නොමැති බවයි.

කෙසේ වුවද මෙම වාහනය අපරාධවලට යොදාගෙන ඇති බවට මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ඥාති සොහොයුරු ආනන්ද අලුත්ගමගේ මහතා විසින්ම හෙළිකර තිබියදී මේ ගැන මාධ්‍යයට හෙළිදරව් කළ බවත්, එසේම ඊයේ තමන් මිරිහාන පොලීසියට පැමිණිල්ලක් කළ බවත්, ඔහු පැවසුවේය.

තවද හිටපු අමාත්‍යවරයා ඛනිජ තෙල් හා මහමාර්ග අමාත්‍යංශවල නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටියදී අදාළ වාහනය භාවිතා කර ඇති බවත්, ඔහු එම වාහනය භාවිතා නොකළ බව කියන්නේ නම් එය අසත්‍යයක් බවත්, කියා සිටි රංජන් රාමනායක මහතා මෙම වාහනයේ මුල් අවස්ථාවේදී තිබූ පැහැයන් වෙනස් කරමින් මේවන විට එය සම්පූර්ණයෙන්ම කළු පැහැති කර ඇති බවත්, ඒ අනූව පෙනී යන්නේ මෙය යම් යම් අක්‍රමිකතාවලට යොදාගත් බවත්, යැයිද වැඩිදුරටත් කියා සිටියේය.

1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!