Gossip

“අම්මගෙයි අප්පච්චිගෙයි ලෝකේ ඉන්න පුංචි වීරයා ඔයාම තමයි.” රාහුල් පුතුගේ උපන්දිනය වෙනුවෙන් රිද්මා පිලපිටිය මුහුණුපොතෙහි තැබූ සටහන මෙන්න – Photos

පුංචි තිරයේ පෙම්වතෙක් ලෙස රසික ආදරය දිනූ රොෂාන් පිලපිටිය දැන් තාත්තා කෙනෙක්.
රොෂාන් සහ රිද්මා පිළපිටියගේ ආදරණීය පුතා තමයි රාහුල් කියන්නේ.
රාහුල්ගේ උපන්දිනය පසුගිය දා යෙදී තිබුණා.
ඒ වෙනුවෙන් රිද්මා අපූරු සටහනක් සිය මුහුණුපොතට එකතු කරලා තිබුණේ මේ විදිහට.

Happy birthday Rahul Pilapitiya මගේ රත්තරං පුතේ..
අම්මගෙයි අප්පච්චිගෙයි ලෝකේ ඉන්න පුංචි වීරයා ඔයාම තමයි. අද මේ ඔයාගේ අම්මා ගොඩක් ආදරෙන් තබන සටහන මගේ පුංචි පුතේ ඔයා ටිකක් ලොකු වෙලා තේරෙන වයසකදී දකීවි, ඔයා මුලින්ම අපි ලගට ආවා කියලා දැනගද්දි අම්මා රංගනය වගේම අනෙකුත් බාහිර වෘත්තීන් සියල්ලම නවතා ඔයාව ගැන විතරමයි හිතුවේ.. අම්මෙකුට දරුවෙක් තරම් වටිනා වස්තුවක් වෙන කොහින්ද, අප්පච්චිත් එහෙමයි ශූටින් ගිහින් දුවගෙන එන්නේ ඔයා මගේ බන්ඩියේ ඉන්න කාලේ පටන් අපි දෙන්නගේ ආරක්ෂාව ගැන හිතලා ඔයාව මුලින්ම දැකපු දවසේ අම්මට අප්පච්චිට දැනුන සතුට කියලා නිම කරන්න බැහැ,, සිසේරියන් සැත්කමකින් පසුව දෙන වේදනා නාශක සියලු දේටත් එදා රෑ අම්මව නිදි කරවන්න බැරි වුනා, ඔයා දිහාම අම්මා බලාගෙන හිටියේ කියාගන්න බැරි සතුටකින්.
ජීවිතේ ලොකු වගකීමක් ආවා ඔයා ලැබුනට පස්සේ ඒත් ඒ වගකීම් මහන්සි සියල්ල යටයි ඔයාගේ හුරතල් මුහුණ දැක්කම ඇත්තටම අපේ ලෝකේ එලිය කලේ අපිව සම්පූර්ණ කලේ බැදීම් තව තවත් ශක්තිමත් කලේ නුබයි මගේ පුතේ. අම්මා ප්‍රාර්ථනා කලේම පුතෙක් ලැබෙන්න ඕනේ කියලමයි ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වුනාම ජීවිතේ වෙන සතුටක් තව කොයින්ද පුතෙක් කියන්නේ රජෙක්ම තමයි සිංහයෙක් වගේ ඉන්න හැඩිදැඩි ඔයාගේ අප්පච්චි ඔයා ලගදි ඔයා වගේම පුංචි දරුපැටියෙක් වගේ මට පේන්නේ නම්,, අප්පච්චිටත් අපේ පුංචි හුස්මටික වෙනුවෙන් කරන්න බැරි දෙයක් මේ ලෝකේ නැහැ,,
මගේ පුතේ ඔයා හොද ගුණදම් ඉගෙනමින් ටික ටික ලොකු වෙන්න, පිරුණු නැවුම් කිරි කළයක් වගේ වෙන්න ,, ඔයාගේ අම්මට වගේම හැම කාන්තාවකටව ගරු කරන්න පුරුදු වෙන්න , කාගෙවත් හිතක් රිද්දන්න හිතන්නවත් එපා, නරක දේ සියල්ල යටයි මගේ පුතේ එක හොද ක්‍රියාවක් ලග, ජිවිතේ ඉදිරියට යද්දි අපිට යන්න ලැබෙන්නේ මලින් පිරි සුන්දර මාවත් වලින් නෙවේ කටු පිරි වන මුර්ගයන් ද හමුවන්න පුලුවන් මාර්ගයන් වෙයි ඒ හැම අභියෝගයක්ම ජයගෙන ඉදිරියටම යන්න මගේ පුතේ.
ඔයාගේ අම්මයි අප්පච්චියි යෝධ සෙවනැල්ලක් මෙන් පුතා ලගින්ම හුස්ම තියෙන තාක් ඊට පසුවත් ශක්තියක් වෙමින් ඉන්නවා. මගේ රත්තරං පුතේ ඔයාට බුද්ධ දම්ම සංඝ ත්‍රිවිධ රත්ණයේ සරණ වගේම වගේම සියලුම දෙවි රැකවරණයත් ලැබේවා සුබම සුබ උපන්දිනයක් මගේ හුස්ම ටිකට ආදරෙයි හුස්මටත් වඩා (අම්මා අප්පච්චි)

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!