Gossip

“දික්කසාද වුණු කෙනෙක්ව විවාහ කරගන්න ඕන කෙනෙක් දෙපාරක් හිතනවා. ඇය වයසින් ගොඩක් බාල කෙනෙක්.” – හර්ෂණ බෙත්මගේ

නිතරම කතාබහට ලක්වෙන චරිතයක් තමයි හර්ෂණ බෙත්මගේ කියන්නේ.
පෙම්වතෙක් වුණු හර්ෂණ ළඟදි විවාහ වෙනවා කියලා තමයි ආරංචිය.
ඒ ගැන වගේම තවත් අලුත් කතා ගොඩක් ගැන හර්ෂණ මේ විදිහට සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණා.

හර්ෂණ දැන් පෙම්වතෙක්. කවදද විවාහය සිද්ධ වෙන්නේ?
විවාහයට දින වකවානු නම් ලෑස්ති කරගෙන නැහැ. ඒ වෙනුවෙනුත් සූදානම් වෙනවා.

පෙම්වතිය අරුණි, විවාහය ඉක්මන් කරන්නේ නැද්ද?
ඇය වයසින් ගොඩක් බාල කෙනෙක්. ඕනෑ තරුණියක් විවාහ වෙන්න මනාලියක් වෙන්න කැමැතියි. මම එයාට ඕන විදිහට හැමදේම සැලසුම් කරලා ඉවරයි. ඇයයි මමයි කතා කරලා හැමදේම සුදුසු කාලේ සැලසුම් කරනවා.

ඇය වෙනුවෙන් දැන් හර්ෂණ ලොකු කාලයක් වෙන් කරනවා නේද?
ඔව්. ඇය මාව ඉතාම හොඳ විදිහට තේරුම් ගත්ත කෙනෙක්. දික්කසාද වුණු කෙනෙක්ව විවාහ කරගන්න ඕන කෙනෙක් දෙපාරක් හිතනවානේ. නමුත් ආශ්‍රය කරද්දී මම කවුද කියන දේ තේරුම් යන්න ඇයට පුළුවන් වුණා.
ස්වභාවධර්මය කියන්නේ මහ පුදුම දෙයක්. අපි හොඳ දේවල් කරනවා නම් ජීවිතයේ නරක අපව අතහැර යනවා. ජීවිතයේ හොඳ අපි එක්ක රැඳිලා ඉන්නවා. ඉතිං ඇය මං වෙනුවෙන් රැඳිලා ඉන්නවා. ඒ වෙනුවෙන් මමත් ඇයට කාලය වෙන් කරනවා.

ජීවිතයේ නරක අපව අතහැර යනවිට ජීවිතයේ හොඳ අපව තනි නොකරයි කියන වචන පෙළ හර්ෂණ මුහුණ පොතට එක් කළෙත් යම් අරමුණකින්ද?
මම ලබන ආත්මය ගැන විශ්වාස කරන්නේ නෑ. මම විශ්වාස කරනවා අපි කරන හොඳ දේවල් තමයි අපිට අනෙක් පැත්තට ලැබෙන්නේ. මම සමහර තීරණවලින් ජීවිතේ වැටිච්ච කෙනෙක්. හැබැයි අවුරුද්දක් වගේ ඇතුළත මම හිටියට වඩා හොඳට නැඟිට්ටා. මම කවුද කියලා මම දන්නවා. මම හරිදේ කළොත් මට හරි දේ ලැබෙයි කියන විශ්වාසයේ මම වැඩ කරනවා.

පෙම්වතිය හර්ෂණගේ නළුකම්වලට සීමා දාලා නැද්ද?
කිසිම දවසක සීමා දාලා නැහැ. රංගන ශිල්පියෙක්ගේ බිරිය, පෙම්වතිය වෙද්දී අභියෝග කිහිපයක් තියෙනවා. සාමාන්‍යයෙන් ඊර්ෂ්‍යාවක් කියන දේ එන්න පුළුවන්. නමුත් මගේ පෙම්වතිය හොඳ තේරුම් ගැනීමකින් අවබෝධයකින් ඉන්න කෙනෙක්. ඒ නිසා ඇය දෙන මානසික නිදහස එක්ක මට කලා කටයුතු හරියට කරන්න පුළුවන්. ඇයගෙන් මට වැඩ කරන්න උපරිම මානසික නිදහස ලැබෙනවා.

මේ සැරේ හර්ෂණ ගත්ත තීරණය හරිම තීරණය වෙන්න ඇති කියලා හිතනවාද?
මගේ ජීවිතයේ තීන්දු තීරණ ගන්නේ මමමයි. මගේ තීරණවලදී මම පැරදුණත්, දින්නත් ඒ මම. මේ මොහොතේ ගත්ත තීරණයත් ගොඩක් ඉදිරිය ගැනත් හිතලා ගත්ත තීරණයත්. අපි ගත්ත හැම තීරණයක්ම අත්දැකීමක්. දෙයක් වෙන්න ඕනේ දෙයක් තේරුම් ගන්න. මම ගත්ත තීරණය හරි කියලා මම හිතනවා.

ගත්ත තීරණ ගැන ඕන තරම් පසුතැවිලත් ඇති නේද?
ෆේල් වුණ තැන් තියෙනවා. හැබැයි මම ඒවා මතක් කර කර ඉන්නේ නෑ. අද දවස වෙද්දී මගේ ජීවිතේ පසුතැවීමක් නැහැ. ජීවිතේ පසුතැවුණ කාලයක් තිබ්බා. අද ඒ දේවල් මතක් කරන්නේ නැහැ. මම අනාගතය ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නෙවත්, අතීතය ගැන දුක්වෙන්නෙවත් නෑ. මේ මොහොතේ හොඳින් ජීවත්වෙන්න, සාර්ථක කරගන්න උත්සාහ කරනවා. ඒවායේ ප්‍රතිඵල අනාගතයේ ලැබෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!