Gossip

රැජිණගේ මරණයට එංගලන්තය සූදානම් වෙයි – “London Bridge Is Down” නම් සැලසුමක් හෙළිවෙයි

එක්සත් රාජධානියේ සහ ඊට අයත් රාජ්‍යන්හී රැජිණ වන දෙවන එළිසබෙත් රැජිනගේ අවමගුල් උත්සවයට අදාල “රාජ්‍ය සැලසුම” බකිංහැම් මාලිගාව විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

9O වියැති එළිසබෙත් රැජිණගේ අභාවය කුමන මොහොතක හෝ සිදුවිය හැකි බැවින් මෙම සැලසුම සූදානම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

රැජිණගේ මරණය දැනුම් දීම සඳහා “London Bridge Is Down” නම් විශේෂ කේතයක් භාවිතා කිරීමට බකිංහැම් මාලිගය අදාළ සියලු අංශ වලට දැනුම්දී ඇති අතර සැලසුම අනුව මෙම අභාවය ප්‍රථමයෙන්ම දැනුම් දෙනු ලැබෙන්නේ රැජිණගේ පෞද්ගලික ලේකම්වරයාටයි. පසුව ඔහු විසින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරියට දැනුම් දෙන අතර ඇය විසින් මිතුරු රාජ්‍යයන් 15 ක රාජ්‍ය නායකයින් දැනුවත් කරනු ඇති. පසුව පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායකයින් දැනුවත් කිරීමෙන් අනතුරුව රැජිනගේ අභාවය මාධ්‍ය වෙත දැනුම් දෙනු බවයි පැවසෙන්නේ.

දින 12 කාලයක් වෙස්මිනිස්ටර් ප්‍රධාන ශාලාවේ තැන්පත් කර තිබෙන දේහයේ අවසන් කටයුතු වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ පැවැත්වෙන දේව මෙහෙයකින් පසු සිදු කිරීමට නියමිතය.

අභිනව රජු වශයෙන් චාල්ස් කුමරු අභිෂේක කරවීමටද සැලසුම් සකස් කර තිබෙනවා.

අදාළ කාලසීමාව තුලදී ලොව පුරා රාජ්‍ය නායකයින් ලංඩනයට පැමිණීමට නියමිතව ඇති නිසා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කෙරෙනු බවයි වාර්තා වන්නේ.

58ca7f50c46188f3658b466e 58ca9f2bc46188dc238b4585 205b 1489918471708 beim-tod-der-queen-geheimcode-london-bridge-is-down-41-69772175

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!