බොලිවුඩ්

ප්‍රියන්කා චෝප්‍රාට FBI පුහුණුවක් – බොලිවුඩය කැළඹෙයි

ප්‍රියන්කා චෝප්රා කියන්නේ බොලිවුඩයේ ඉන්න සරාගීම කාන්තාවන්ගෙන් එක්කනෙක් වගේම ඉතා දක්ෂ රංගන හැකියාවක් මෙන්ම මේ වන විට ඇය දක්ෂ ගායිකාවක් ලෙස ලොව ජනප්‍රිය වෙලා තියෙනවා.

ඒ වගේම අපිට දැන් වාර්තා වෙනවා ඇය හොලිවුඩයත් ආක්‍රමණය කරලා ඉවරයි කියලා.

හොලිවුඞ් තිරයේ නිර්මාණය වන රූපවාහිනී කතාමාලාවක ප්‍රධාන චරිතය නිරූපනය කිරිම සදහා ප්‍රියංකා චොප්රාට දැන් අවස්ථාව හිමිව තිබෙනවා.
“ක්වන්ටිකෝ“ නමින් හැදින්වෙන මෙම රූපවාහිනි කතාමාලාව අළලා නිකුත් කර ඇති ප්‍රචාරක පටයද ඉහළ ජනප්‍රියත්වයක් දිනාගෙන තිබෙනවා.

අමෙරිකාවේ එෆ් බී අයි ආයතනයේ පුහුණුවීම් අතරතුර මුහුණදෙන අත්දැකීම් අලලා මෙම කතාමාලාව නිර්මාණය කර තිබෙනවා. පුහුණුව සිදුවන්නේ වර්ජිනියාහි පිහිටි ක්වන්ටිකෝ එෆ් බී අයි පුහුණු කඳවුරේදීයි. ඒ, අමෙරිකාව බේරාගැනීමේ මෙහෙයුමක් වෙනුවෙන්.

2015-2016  කාලසීමාව අළලා විකාශය වන ආකාරයටයි. මෙම කතාමාලාව නිර්මාණය කර ඇත්තේ. මෙම නවතම රූපවාහිනී කතාමාලාව සදහා ප්‍රියංකා චොප්රා තෝරා ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍යයද දැඩි අවධානයක් යොමුකර තිබෙනවා. අද වනවිට ඉන්දියාවේ වැඩිම කතාබහට ලක් වන මාතෘකා අතරින් එකක් වන්නේද ප්‍රියංකාගේ හොලිවුඞ් ආක්‍රමණයයි.

සිය හැකියාවෙන් බොලිවුඞ් සිනමාව ජයගත් ප්‍රියංකාගේ හොලිවුඞ් ආක්‍රමණය කෙසේවේ දැයි ලොවපුරා රසික රසිකාවියන් බලා සිටින්නේ නොඉවසිල්ලෙන්.

1 2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!