බොලිවුඩ්

බොලිවුඩ් සුරුපිණිය ලෙයින් නැ‍හැවෙයි

සුරූපී බොලිවුඩ් නිළියක හා නිරූපිකාවක් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි ඉන්දියානු නිළි ෂිකා ජොශි  (Shikha Joshi) සියදිවි හානි කර ගෙන තිබේ.

පසුගියදා 16 වැනිදා ඇය සිය නිවසේ දී මෙලෙස සියදිවි හානි කරගෙන ඇත.

මරණයට පත් වනවිට 40 වැනි වියේ පසුවූ ඇය බී.ඒ පාස් චිත්‍රපටයේ ශිල්පා ෂුක්ලා සමග ප්‍රධාන භූමිකාවක් නිරුපණය කළාය.

තියුණු ආයුධයකින් තුවාල කරගනිමින් නිවසේ නාන කාමරය තුළ ඇය සියදිවි හානි කරගෙන ඇතැයි වාර්තා වේ. රූපලාවන්‍ය සම්බන්ධ වෛද්‍යවරයෙකු බව කියන විජේ ශර්මා නැමැත්තා තමන්ට බොහෝ හිරිහැර කළ බව ෂිකා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කළ අවස්ථාවේ සිය මිතුරියකට පවසා ඇතැයි පැවසේ.

ෂිකා ජොශි අවසන් මොහොතේ පැවසූ සියල්ල එම මිතුරිය විසින් සිය ජංගම දුරකථනයේ පටිගත කර ඇතැයිද වාර්තා වේ.2011 වසරේ දී ෂිකා ජොශි අපයෝජනය කිරීම සම්බන්ධ නඩුවක්  වෛද්‍ය විජේ ශර්මාට එරෙහිව එරට අධිකරණයෙන් විභාගයට ගැනෙමින් පවතී.

එම වර්ෂයේ දී ෂිකා ජොශි සිය පපුව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට වෛද්‍ය විජේ ශර්මා වෙත ගොස් සිටියදී, ඇයව අපයෝජනයට ලක් කළ බව පවසමින් ෂිකා පොලීසියට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනිණ.

1 2 3 4 5

2 Comments

2 Comments

  1. eebest8 mmk

    June 7, 2015 at 5:46 pm

    Thank you ever so for you blog.Thanks Again. Keep writing.

  2. fiverr eebest8

    June 7, 2015 at 9:09 pm

    It as genuinely very difficult in this full of activity life to listen news on Television, thus I only use world wide web for that purpose, and obtain the most recent news.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!