බොලිවුඩ්

ප්‍රියංකා යළිත් පෙම් හුටපටයක!

කවුරුත් ප්‍රිය කරන ප්‍රියංකා චොප්රා මේ දිනවල සිටින්නේ හොලිවුඩ් නිෂ්පාදනයක් වන ‘ක්වැන්ටිකො’ නම් වූ ටෙලි නාට්‍ය මාලාවේ රූගත කිරීම්වලට එක්වෙමින්. කාර්ය බහුල වාතාවරණයක සිටියත් කෙටි විවේකයක් ලද සැණින් ම ඇය කවුරුන්දෝ මුණ ගැසෙන්නට පිටත්ව යන බව කාටත් දකින්න ලැබුණා.

මේ ගැන විපරම් කළ සමහරුන්ට ඇය කීවේ හිතවත් අයකු හමුවන්නට යන බවයි. ඒත් මේ හිතවතා විශේෂ පුද්ගලයකු බව අලුත් ම ආරංචිවලින් දැන ගන්නට ලැබෙනවා. ප්‍රියංකා හමුවන්නේ ලොස් ඇන්ජලීස් නුවර පදිංචිව සිටින ඉන්දීය ජාතික තරුණයෙක්. ඔහු ව්‍යාපාරිකයෙක්. මේ වන විට හෙළිවී ඇත්තේ ඔහු, මේ බොලිවුඩ් සුරූපිනියගේ පෙම්වතා බවයි. ඔහුගේ නම හෙළිවී නැහැ.

ප්‍රියංකා ගේ හද දිනාගත් ඔහු කිසි ලෙසකින්වත් තමන්ගේ වතගොත හෙළි කරනවාට අකැමැති නිසා මේ ආදරය රහසේ ම පවත්වාගෙන යන බවයි පැවසෙන්නේ. ප්‍රියංකා ද මේ වනතුරු ඔහු ගැන වචනයක් හෝ පැවසීමෙන් වැළකී සිටින්න වග බලාගෙන තිබෙනවා. සමහරු පවසන්නේ ළඟදී ම ප්‍රියංකා ඔහුගේ මනාලිය වනු ඇති බවයි.

ප්‍රියංකා මීට කලින් බොලිවුඩ්පුරයේ ජනප්‍රිය නළුවන් කිහිප දෙනෙකුට ම වරින් වර පෙම් කළ බව රහසක් නොවෙයි. ඒ අය තමයි, ආක්ෂේ කුමාර්, ශාහිඩ් කපූර් සහ හර්මන් බවේජා. සුපිරි තරුව ශාරුක් ඛාන් සමඟ ද ඇගේ සමීප ඇසුරක් පැවති බවට කට කතා මීට වසර කිහිපයකට පෙර පැතිරී ගියා.

p1 p2 p3 p4 p5 p6 p7

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!