Gossip

කොළඹ විශාලතම තොරණ නිර්මාණය කළ සිරකරුවන්ට දළදා වඳින්න වරම්

කොළඹ නගර සීමාවේදී නිර්මාණය කරන ලද තොරණ අතරින් විශාලතම තොරණ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය ඉදිරිපිට නිර්මාණය කිරීමට ඇප කැපවූ මරණීය දණ්ඩනය ලත් සහ නොලත් සියලු සිරකරුවන්ට ශ්‍රී දළදා වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව සලසා දෙන බව වැලිකඩ බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායක මහතා පවසයි.

ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ පැසසුමට ලක්වූ මේ තොරණ සකස් කිරීම සඳහා මේ සිරකරුවන්ට මාස දෙකකට ආසන්න කාලයක් ගතවූ බවත් එකී කාලසීමාවේදී දිවා රෑ නොතකමින් ඔවුන් කළ අගනා කාර්යභාරයට උපහාරයක් පිණිස ඔවුන්ට එසේ දළදා වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව සලසා දෙන බවද ඒ මහතා කීය.

දළදා වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව සලසා දීමෙන් පමණක් නොනැවතී එකී සිරකරුවන් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවත්වාගෙන යන ලේඛනවලට පැසසුම් ලිපි ඇතුළත් කිරීමට පියවර ගන්නා බවද ඒ මහතා පැවැසීය.

සිරකරුවන් බලපත්‍ර මත නිදහස් කිරීමට කටයුතු කරන අවස්ථාවන්හිදී එකී සිරකරුවන්ගේ එකී පැසසුම් ලිපිවලට ප්‍රමුඛතාවක් ලබාදීමට පියවර ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!