Gossip

මුස්ලිම් පූජක වෙසින් මෝදිගේ උත්සවයට BMICH ආ අද්භූත මිනිසා

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඉකුත් දා පැවති ජාත්‍යන්තර වෙසක් දින සැමරුමට මුස්ලිම් පූජකයෙකු ලෙස පෙනී සිටිමින් අනවසරයෙන් ඊට ඇතුළු වීමට උත්සහකල පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සතුව තිබී කතුරක්ද සොයාගෙන ඇති බවයි වාර්තාවන්නේ.

සැකකරු මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මන්සූර් කලීල් නැමැත්තෙක්.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුනා.

මොහු පිළිබඳව සැක සිතු පොලිස් නිලධාරින් ඔහු පරික්ෂා කර තිබෙනවා.

ඔහු සතුව තිබී ව්‍යජ ගමන් බලපත්‍රයක් ද සොයා ගැණුනා.

මෙම උත්සවයේ ආරාධිතයන් වෙනුවෙන් සකස් කෙරුණු ආරාධනා පත්‍රයක්ද මොහු සතුව තිබුණා.

සැකකරු තමන්ගේ අත් අකුරින්ම එහි තමන්ගේ නම ලියාගෙන තිබූ බවයි විමර්ශන වලදී අනාවරණය වුණේ.

මොහු මීට පෙර බංගලාදේශයෙන් පිටුවහල් කල අයෙකු බවත් ඉස්ලාම් පූජකයෙකු නොවන බවත් තහවුරු වුණා.

සැකකරු ලබන 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත් කෙරුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!