Gossip

අගමැතිගෙන් ආදරය ඉල්ලා කාන්තාවක් උපවාස කරයි – සියලු විස්තර මෙන්න

ආදරය කරන්න වයස තරාතිරම බලපාන්නේ නෑ කියලා ගොඩක් අය කියනවානේ.

ඒ වගේම ආදරයක් ගැන තමයි අපි මේ කියන්න යන්නේ.

හැබැයි කාන්තාවක් මෙහෙම ආදරේ කරලා තියෙන්නේ අගමැති කෙනෙක්ට.

ඒ තමයි ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිට.

ඉන්දියාවේ රාජස්ථාන ප්‍රාන්තයේ ජයිපූර්හි ජීවත්වෙන ඕම් ශාන්ති ශාර්මා කියලා කාන්තාවක් ඉන්දීය අගමැතිගෙන් ආදරය ඉල්ලලා උපවාසයක පවා නිරත වෙලා තියෙනවා.

ඇයව විවාහ කරගන්නා බවට පවසමින් මෙහෙම උපවාස කරලා තියෙනවා කියලා ඉන්දීය මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ.

ඇගේ එකම අරමුණ වන්නේද මෝදිව ඉදිරි දිනකදී හෝ විවාහ කර ගැනීමයි.

අදාළ කාන්තාව නරේන්ද්‍ර මෝදිගේ ඡායාරූප රැසක්ද ලඟ තබාගෙන සිට ඇති අතර “මම මෝදිව විවාහක කර ගන්නවා” යනුවෙන් ලියා ඇති පුවරුද ළග තබාගෙන සිටිනවා.

මෙම කාන්තාව මාසයක පමණ කාලයක් නව දල්ලි නුවර සත්‍යග්‍රහයක නිරතවී සිටින බව වැඩිදුරටත් සඳහන්වන අතර එම කාන්තාවගෙන් මාධ්‍යවේදින් ඇසූ ප්‍රශ්නවලදී පිළිතුරු වශයෙන් ලබා දී ඇත්තේ මෝදීට ආදරය කරන්නේ මුදලට හෝ බලය , ප්‍රසිද්ධියට නොවන බවටයි.

මෝදී රටට සේවය කරනවා, මම මෝදීට සේවය කරනවා යනුවෙන්ද එම කාන්තාව පවසා තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම කාන්තාව මීට පෙර විවාහක වූ අයෙකු වන අතර අවුරුදු 40ක් වයසැති ඇයට වයස අවුරුදු 20 දියණියක් ද සිටින බවටයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!