Gossip

ජනපති මැදුරේ තිබූ ටොන් 20ක වස්තුවක් අතුරුදහන්

ජනාධිපති මන්දිරය පිහිටි ගෝර්ඩන් උද්‍යානයේ ටොන් 20ක් බරැති ගල්කුළක සටහන් කර තිබූ පෘතුගීසි රාජ්‍ය ලාංජනය අතුරුදන් වී ඇත.

ක්‍රි.ව. 1505දි ප්‍රථම වරට මෙරටට පැමිණි ලොරැන්සෝ ද අල්මේදා ප්‍රමුක පෘතුගීසි නාවිකයන් පිරිස විසින් කොළඹ කොටුවේ ගල් බොක්ක (Gallbuck) නම් ස්ථානයේ ගල්කුළක ඔවුන්ගේ ආගමනය සිහිවීම පිණිස මේ ලාංජනය කොටා තිබිණි.

පුරාවිද්‍යා ආඥාපනත යටතේ ආරක්ෂිත ස්මාරකයක් ලෙස ලේඛනගතව තිබූ මේ ලාංජනය දැඩි ආරක්ෂිත කලාපයක තිබී අතුරුදන් වීමද අභිරහසකි.

ශ්‍රී ලංකාවේ යටත් විජිත සමයේ ආරම්භයේ සටහන් කෙරෙන මේ ස්මාරකය මිල කළ නොහැකි පුරා වස්තුවකි.

ඉංග්‍රීසින් විසින් එම ලාංජනය සහිත ගල ගෝර්ඩන් උද්‍යානයේ තැන්පත් කරන ලදුව මේ දක්වා ආරක්ෂිතව පැවැතිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති මන්දිරය මහජන ප්‍රදර්ශනයට පසුගිය 5 වැනිදා විවෘත කළ අවස්ථාවේ මේ ස්මාරකය දැනට එම පරිශ්‍රෙය් නැති බව පැහැදිලි විය.

1111111

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!