Gossip

වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව, නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ – සිතන්නට යමක්

රටේ නීතිය ආරක්ෂා කරන්න මිනිස්සුන්ගේ ආරක්ෂාව සපයන්න කැප වෙලා ඉන්නේ පොලිසිය.
ඒ පොලිස් නිලධාරීන් ගැන මිනිස්සුන්ගේ හිතේ තියෙන්න ඕනේ ලොකු විශ්වාසයක්.
මොකද අපිව රැකගන්න එහෙමත් නැත්නම් ආරක්ෂා කරන්න ඉන්න පිරිස ගැන හිතේ විශ්වාසයක් නැතිවුණොත් සිද්ධ වෙන්නේ ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙන්න.
ඉතිං හරි දේ කරන්න, වැරැද්දට දඩුවම් දෙන්න ඉන්න පොලිසියේ මහත්වරුම ඒ නීතිය කඩනවානම් ඒ ගැන කාටද කියන්නේ.
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව, නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වැනි කතා අපිට මතක් වෙන්නේ අද සමාජයේ අහන්න දකින්න ලැබෙන සමහරු සිදුවීම් නිසයි.
අපි මේ ගැන කතා කරන්න හිතුවේ පසුගියදා මත්තලදි පැවැත්වුණු උද්ෂෝෂණයක් අතරතුර පොලිසියේ ඉහළ නිලධාරියෙකු විසින් පුද්ගලයෙකුට එල්ල කළ කනේ පහරක් නිසා.
ඒ විදිහට නීතියක් අතට ගන්න පුළුවන්ද..?
නීතිය රකින්න ඉන්න මිනිස්සුම නීතිය කඩනවානම් ඒ ගැන කාටද කියන්නේ.
ඒ දේ ගැන හැමෝටම තියෙන්නේ එවැනි ආකල්පයක්.
කොහොම වුණත් අවස්ථා ගණනාවකදීම මෙවැනි සිදුවීම් ගැන අපි දැක්කා.
එවැනි අවස්ථාවකදි ඔවුන්ට නිසි දඩුවම් හිමිවුණාද..?
නිසි බලධාරීන් ඒ ගැන තමන්ගේ අවධානය යොමු කළාද..?
කොහොම වුණත් කාකි ඇඳුම යට සැඟවුණු මනුස්සකම පිරුණු නිලධාරීන් මැද පහත් විදිහට හැසිරෙන මෙවැනි නිලධාරීන් නිසා සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවට කැලලක් එකතු වන බව අපි මතක් කරන්න කැමතියි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!