Gossip

“හරිම පහත් වැඩක් විදිහටයි දකින්නේ, නිල් චිත්‍රපට අධ්‍යක්ෂකවරු වගේ තමයි මියුසික් වීඩියෝ කරන්නේ”

වික්ටර් රත්නායකයන්ගේ ජීවිත කතාව බවට පැවසෙන වීඩියෝවක් හදපු ඉරාජ්ට හැමතැනින්ම වගේ දෝෂාරෝපන එල්ල වෙන්න පටන් ගත්තා.
මේ සිද්ධියට ක්ෂේත්‍රයේ හුඟ දෙනෙකුත් අදහස් දක්වලා තිබුණේ ඉරාජ් කරපු වැඩේ වැරදියි කියලයි.
පසුගිය දිනක සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වමින් වික්ටර් රත්නායනයන්ගේ වැඩිමහල් පුත් ජයන්ත රත්නායක මෙන්ම ක්ෂේතුයේ කිහිපදෙනක්ම අදහස් දක්වා තිබුණේ මෙලෙසින්.

 

අපේ තාත්තා පූජනීයත්වයෙන් සලකපු කලාකරුවෙක් – ජයන්ත රත්නායක

ඉරාජ් කියන්නේ මට නම් සංගීතඥයෙක් නෙවෙයි. ඒ විදිහට මඩ ගහනවට මම විරුද්ධයි.
අපේ තාත්තා පූජනීයත්වයෙන් සලකපු කලාකරුවෙක්. තාත්තා ඒ වගේ දෙයක් කළ නිසයි ඔය වගේ මියුසික් වීඩියෝවක් හැදෙන්නේ.
මේ වෙද්දි තාත්තා එක්ක සම්බන්ධවෙලා ඉන්න කාන්තාව සූක්ෂ්මව අපව පවුලෙන් අයින් කරලා තියෙන්නේ.
තාත්තට අනුකම්පාවක් හිමිවෙලා තියෙනවා ළමයි සලකන්නේ නෑ කියලා. එහෙම දෙයක් නැහැ. එහෙම කියන්නේ අපි ගැන හරියට නොදැනයි. මාධ්‍යට තමයි මම බණින්නේ, ඉරාජ්ලා වගේ අයව පුම්බනවාට.
ඉරාජ් ඔය දේවල් කරන්නේ සල්ලි හොයන්න. ඔහු මේ වනවිට යූටියුබ්වලින් සිල්වර් මෙඩ්ල් එකක් අරන් තියෙනවා.
වැඩිම හිට් ගිය ආසියානු අපේක්ෂකයා ලෙස. ඔහු දඟලන්නේ ගෝල්ඩ් මෙඩ්ල් එකක් අරගන්න. ඒ නිසා මේ වගේ මියුසික් වීඩියෝ කරන්නේ. මාධ්‍ය ඔහු ගැන කතා කරන නිසා හිතෙන්නේ ඉරාජ් ඔවුන්ට සල්ලි ගෙවනවද කියලත්.

මියුසික් වීඩියෝවක් විකුණාගන්න ජහජරාව දාල වැඩක් නැහැ – පේශල මනෝජ්

අපේ රටේ ඉන්න ප්‍රවීණ කලාකරුවෙක් තමයි වික්ටර් රත්නායක කියන්නේ.
ඔහුව මුල් කරගෙන මේ වීඩියෝව කරපු එක වැරදියි කියලා මම හිතන්නේ. අපි මියුසික් කරන අය මිසක් වීඩියෝ අධ්‍යක්ෂකවරු නෙවෙයි.
මගේ අතිජාත මිත්‍රෙයක් තමයි ඉරාජ් කියන්නේ. තාමත් ඒ යාළුකම තියෙනවා. වැරදි දේට මම වැරදියි කියනවා.
අද ඉරාජ් විතරක් නෙවෙයි අනිත් අය කරන දේවල් ගැනත් දකින විට කලකිරෙනවා. අද ඔවුන් නිල් චිත්‍රපට අධ්‍යක්ෂකවරු වගේ තමයි ගීත රූප රචනා කරන්නේ. සංගීතය කියන්නේ වෙනම කලාවක්. මියුසික් වීඩියෝවක් විකුණාගන්න ඕන කියලා තියෙන ජහජරාව ඔක්කොම දැම්මට වැඩක් නැහැ. අපට කාගෙවත් පුද්ගලික ජීවිතේ වැඩක් නැහැ.

හරිම පහත් වැඩක් – කේ. සුජීවා
අම්මා කෙනෙක් විදිහට කතා කළොත් කියන්න තියෙන්නේ අද ළමයෙක් අන්තර්ජාලයට යනවා කියන්නේ බයක් දැනෙනවා.
අනවශ්‍ය දේවල් දකියි කියලා. අපේ රටට අනන්‍යවූ වූ සංස්කෘතියක් තියෙනවා.
සල්ලි ඕන නිසා කලාකරුවෝ දාලා ඔය වගේ දේවල් කරනවා කියන්නේ බොහොම කනගාටු දෙයක්. කාගෙවත් පුද්ගලික දෙයක් කාටවත් වැඩක් නැහැ.
වෘත්තිය සම්බන්ධයෙන් අඩුපාඩුවක් වුණා නම් ඒක වැරදියි. ලංකාවේ ප්‍රවීණයන් අතර උඩින්ම ඉන්න චරිතයක් තමයි වික්ටර් රත්නායක කියන්නේ.
ඒ වගේ අයගේ චරිතය ඝාතනය කිරීම හෙළා දකිනවා.
අද චරිත ඝාතනය කිරීම පහසු දෙයක් වෙලා තියෙනවා. කලාකාරිනියක් විදිහට ඉරාජ්ගේ මේ වැඩේ ගැන හරියට කනගාටු වෙනවා. හරිම පහත් වැඩක් විදිහටයි අපි දකින්නේ. අද මේ ක්ෂේත්‍රය ගැන හරි දුකයි. කාලයක් රිගින් ටෝන් තිබුණා. අද සල්ලි හම්බ කරන්න නොකරන දෙයක් නැහැ.
මෙහෙම කලාකාරයෙක්ට කැළලක් ඇති කරන්න දෙන්න බැහැ කියලයි මම කියන්නේ.

අපට කෙනෙක්ගේ පුද්ගලික ජීවිතය වැඩක් නෑ – කොරින් අල්මේදා
අපට කෙනෙක්ගේ පුද්ගලික ජීවිතය වැඩක් නැහැ. ඔහුගේ වෘත්තීය ජීවිතය විතරයි අපට අදාළ වෙන්නේ. පුද්ගලික ජීවිත අලලා ඔය වගේ දෙයක් කිරීම මම පිළිකුලෙන් හෙළා දකිනවා. අපි ගෞරව කරන්න ඕන ගායකයෙක්ට ඔහොම දේවල් කරන එක පිළිකුල් සහගතයි. ඔය දේවල් කරන අයගේ දෙමව්පියන් දැනුවත්ද කියලා බලන්න ඕන.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!