Gossip

කෝටිපති ව්‍යාපාරික බිරිඳ පැද වූ සුඛෝපභෝගී රථයේ ගැටී සැමියා අවසන් ගමන් යයි

කෝටිපති ව්‍යාපාරික බිරිඳ පැද වූ සුඛෝපභෝගී මෝටර් රථයක හැපී ඇයගේ ස්වාමිපූරුෂයා මියයෑමේ පුවතක් පොල්ගස්ඕවිටින් වාර්තා වුණා.
අප වාර්තාකරු පැවසුවේ, ඊයේ (21) අලුයම එම කාන්තාව විසින් පැද වු මෝටර් රථයට ඇයගේ සැමියා පැන ඇති බවයි..
මෙලෙස මියගොස් ඇත්තේ, පොල්ගස්ඕවිට වෙලේකුඹුර මාර්ගයේ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙක්..
සිද්ධිය සම්බන්ධයෙන් එම මෝටර් රථය පැද වු කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
එම කාන්තාව හා ඇයගේ මියගිය සැමියා යන දෙදෙනාම මීට පෙර විවාහයන් සිදුකර ගෙන සිටි අය බවත්, ඔවුන් නීත්‍යානූකූලව විවාහ වී ඇත්තේ මීට වසර 3කට පමණ ඉහත දී බවත් පොලීසිය පවසනවා.
මියගිය පුද්ගලයා තදින්ම මත්කුඩුවලට ඇබ්බැහිවූවෙක් බව ද ඔහු ව්‍යාපාරික කාන්තාවගේ මුදල් ඉල්ලා නිරතුරුවම ඇයට පහර දීම හේතුවෙන් පවුල් ආරවුල් කිහිපයක් සම්බන්ධයෙන් කහතුඩුව පොලීසියට පැමිණිලි කීපයක් ලැබී ඇතැයි ද වාර්තා වේ.
විවාහ වූ වසර තුනක පමණ කාලය තුළදී ඔහු හොරෙයින් මත්කුඩු සමග පොලීසියට හසුවීම හේතුවෙන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වසරක කාලයක් පුනරුත්ථාපනය ලැබූවෙකු බව පොලීසිය සඳහන් කරයි.
මීට මාසයකට පමණ ව්‍යාපාරික කාන්තාවට පහර දීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා එම නිවසට ගිය අවස්ථාවේදී ඔහු සන්තකයේ හොරයින් මත්කුඩු තිබීම හේතුවෙන් අධිකරණය ඉදිරිපත් කිරිමෙන් පසුව මාසයක පමණ කාලයක් රිමාන්ඩ් බාරයේ සිට ඉකුත් බ්‍රහස්පතින්දා 15 ඇපමත නිදහස්ව පැමිණ තිබු බව ද පොලීසිය පවසයි.
පෙරේදා 20 සවස මියගිය පුද්ගලයා සැකකාර බිරිඳගෙන් මුදල් ඉල්ලා ඇය හා ආරවුල් ඇතිකර ගැනීමෙන් හේතුවෙන් ඇය මියගිය සැමියාව නිවසින් පිටතට දමා දොර වසා පාමංකඩ පිහිටි, පෙර විවාහයේ වැඩිමල් දියණියගේ නිවස වෙත ගොස් තිබේ.
නැවත රාත්‍රී නිවසට පැමිණීමෙන් අනතුරුව මියගිය සැමියා ඇයට දුරකථනයෙන් බැණ වැදී ඇති බව විමර්ශනවල දී හෙළි වූ බව පොලීසිය පැවසීය.
පසුව ඔහු නිවසේ ජනේලයක් කඩා නිවසට ඇතුළු වී තිබූ බව එම කාන්තාව ලබාදුන් ප්‍රකාශයක සඳහන් වනවා.
ඒ සම්බන්ධයෙන් ව්‍යාපාරික කාන්තාව කහතුඩුව පොලීසියට ද පැමිණිලි කර තිබේ.
මියගිය සැමියා බැණ වැදී මුදල් ඉල්ලා කරදර කිරීම හේතුවෙන් ඇය මීට පෙර විවාහයේ ස්වාමිපුරුෂයා, නිවසට ගෙන්වාගෙන ඔහු සමග අලුයම යළි දියණියගේ නිවස කරා මෝටර් රථය පදවා ගෙන ගොස් ඇත.
එහිදී මියගිය පුද්ගලයා පොල්ගස්ඕවිට හන්දිය ආසන්නේ සැඟවී සිට එකවරම මෝටර් රථයට පැන ඇති අතර ඇය දැඩි ආයාසයක් දරා මෝටර් රථය විරුද්ධ දිසාවට හැරවීම හේතුවෙන් එම අවස්ථාවේ දී මෝටර් රථයේ ගැටී නොමැති බව පොලීසිය පවසයි.
කෙසේ වෙතත් එම කාන්තාව මෙහෙකාරියට ජංගම දුරකථන ලබා දී නැවත නිවස කරා යාම සඳහා වෙලේකුඹුර මාර්ගය ඔස්සේ පොල්ගස්ඕවිට හංදිය දෙසට පැමිණීමේ දී වෙලේකුඹුර මාර්ගයේ බෝක්කුවක් අසල රැඳීසිටී සැමියා මෝටර් රථයට පැන තිබේ.
එහිදී මෝටර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව සැමියාගේ සිරුර මතින් මොටර් රථය ගිය බව ද ඇය පොලීසියට පැමිණ ප්‍රකාශ කර ඇත.
පසුව පොලිස් නිලධාරීන් පැමිණ බරපතළ තුවාල ලබා එම ස්ථානයේදීම මියගොස් සිටි පුද්ගලයා වෑතර දිසා රෝහලට රැගෙන ගොස් තිබේ.
සිද්ධිය වූ ස්ථානයට කැස්බෑව අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා මහත්මිය පැමිණ මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්විය.
අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරික කාන්තාව කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!