Gossip

ගන්න පඩිය වියදමට මදිද? ඉතුරු කරන්න හොඳම ක්‍රමය මෙන්න

1

අපිත් ටිකෙන් ටික දියුනු වෙලා හොද තැනකට එන්න නම් දැන්ම ඉදලා ඉතුරු කරන්න පුරුදු වෙන්න  ඕනි. ආදරයෙන් සමගියෙන් සතුටෙන් ජීවත් වෙන්න එක ලොකු පහසුවක්. පොහොසතෙක් වෙනව කියන්නේ තම්න් ගාව මොනව හරි දෙයක් ඉතුරුවෙලා තියෙනවා කියන එකනේ. මුදල් අතින් පොහොසත් වෙන්න තමන් ගාව මුදල් තියෙන්න  ඕනේ. ඒ කියන්නෙ ඉතිරි කල මුදලක්. ගොඩක් අය කියන්නේ දැන් තියන වියදමේ හැටියට ඉතුරු කරන්න තියා වියදමට තියන මුදලූ‍ත් මදි කියා. ඒක ඇත්ත. ඒත් ණය කාරයකු නොවී හරි බේරෙන්න පුලූ‍වන් ඇත්තටම තමන්ගේ වියදම් පාලනය කලොත්. ඒ කියන්නේ අපේ වියදම් ගොඩක් තියෙනවා අනවශ්‍ය දේවල් වලට කරන. පොඞ්ඩක් හිතලා බලන්න එහෙම නෙවෙයි

උපයන මුදලට වඩා වියදම් නොකරන්න. ඒ සදහා සුදුසුම දෙය වන්නේ වියදම් ලැහිස්තුවක් සකස් කර ගැනීම හා එයට අනුව සියලූ‍ දේ කිරීමය.

තේරුම් නැති දේ මිළදී නොගන්න. ඒ සදහා යම් දෙයක් මිළදී ගැනීමට අවශ්‍ය වූ විටදී කිහිප වරක්ම සිතා බලන්න.

දකින දකින දේ මිලදී ගැනීමේ පුරුද්දක් වෙයිනම් මිළදී ගැනීම් ලැහිස්තුවකට අනුව කටයුතු කරන්න. සේල් යැයි සදහන් ස්ථානයන්ට යෑමෙන් වලකින්න.

මිළ අධික දේ වෙනුවට එයට සමාන වූ විකල්ප භාන්ඩ මිළදී ගෙන එහි ගුණාත්මක බව හා මුදල් මුදල් ඉතිරිය අධ්‍යනය කරන්න.

පිටතින් ආහාර ගැනීම හැකි තර මින් අඩු කර පවුලේ සැමට ආහාර නිවසේම සකස් කර ගන්න.

කඩපිලට හෝ කඩමන්ඩියට යද්දී කුසගිනි සහිතව නොයන්න. එවිට අනවශ්‍ය රස කැවිලි වලට මුදල් වැයවේ.

ගෘහනියක නම් හැකි තරමින් නිවසේම රැුදී සිටීමට උත්සහා කරන්න. එවිට අනවශ්‍ය වියදම් මග හැරේ. සාප්පු සවාරි යෑම සීමා කරන්න. සැම විටම අනවශය ලෙසින් මුදල් වැයවන්නේ නිවසින් පිටතට ගිය විටදීය.

අවම වශයෙන් මසකට රුපියල් 1000ක් ඉතිරි කිරීමට සැලසුමක් යොදන්න. ඒ සදහා උපයෝගි කරගත හැකි මාර්ග වන්නේ නිතර භාවිතා නොකරන ගිණුමක මුදලක් තැන්පත් කිරීමය.

මුදල් යලි ලැබීමට හැකි ආයෝජනයකට මුදල් යොදවන්න. එය සුලූ‍ වියාපාරයක් හෝ ස්වයං රැුකියාවක් වුවද කම් නැත.

මිතුරන් හා නෑදෑයන් සමග තරග කිරීමට නොයන්න. මිතුරන් හා නෑදෑයින් ජීවන විලාසිතා සමග ඔබේ ජීවිතය සසදා නොබලන්න.

ජංගම දුරකතන බිල හැකි තරම් අවම කරගන්න. සෑම විටම කාර් ය බහුල නොවන වේලාවන්හිදී පමනක් නිවසේ දුරකතනය භාවිතා කරන්න.

පුවත් පත් සගරා මිලදී ගැනීම සීමා කරන්න. සැම විටම නිවසේ අය එයින් ප‍්‍රයෝජනයක් ලැබෙන්නේ දැයි ව්මසා බැලීම වටී. උදාහරනයක් ලෙසින් ඇතැම් නිවෙස් වල පුරුද්දක් ලෙසින් ඉරිදා ඉංග‍්‍රිසි මිලදී ගත්තද එය කිසිවෙකු නොකිවයි.

කඩපිලට යද්දී බෑගයක් ගෙන යන්න. එවිට අලූ‍තින් බෑග් මිලදී ගැනීමට සිදු නොවේ.

විදුලි පරිබෝජනය සීමා කිරීම නිවසකට බොහෝ මුදල් ඉතිරි කර දෙන්නකි. නිවසේ විදුලි පහන් නිවා දැමීමෙන් ,එකවර ඇදුම් මැදීමෙන් දිනකට එක්වරක් පමණක් ජල ටැංකිය පිරවීමෙන් හොට් ප්ලේට් භාවිතා නොකිරීමෙන් ඔබට විදුලි බිල බෙහෙවින්ම අවම කරගත හැකිය. නිබදවම විදුලි පහන් දල්වන ස්ථානයන්ට ක්‍ත්‍ඛ බල්බ්‍ යොදන්න. එමගින් ඔබට විදුලි බිල 10% 20%ප‍්‍රමාණයකින් ඉතිරි කර ගත හැකිය.

නිතරම ඉවසීමෙන් කටයුතු කරන්නග මුදල් වැය කිරීමට උත්සහ කරන්නග

තමාගේ වැටුපට සරිලන ජීවිතයකට හැඩ ගැසෙන්න

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!