Gossip

මහ රෑ කිරිබත්ගොඩ හෝටලයේදී සිදුවුණු පහරදීම ගැන පියුමි ඇත්තම කියයි

රාජ්‍ය ආයතනයක ප්‍ර‍ධානියකු පැවැත්වූ සාදයකට සහභාගී වූ මාධ්‍ය ආයතන කිහිපයක සාමාජිකයින් පිරිසකට පියුමි හංසමාලි සමග සිටි තරුණයින් පිරිසක් පහරදී තිබෙන පුවතක් මාධ්‍ය වාර්තා කරනවා.

කිරිබත්ගොඩ පිහිටි හෝටලයක ඊයේ (15) රාත්‍රී පැවති සාදයක් අවසානයේ මෙය සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

පහර කෑමට ලක්වූ පිරිස කිරිබත්ගොඩ පොලිසියේ පැමිණිල්ලක් සටහන්කර තිබෙන බවත් පහරකෑමට ලක්වූ එක් තැනැත්තකු රෝහල්ගතකර තිබෙන බවත් බොහෝ අය වාර්තා කර තිබෙනවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අප පියුමි හංසමාලිව සම්බන්ධ කරගත් අතර ඇය පැවසුවේ එම පහරදීමට ඇය සම්බන්ධ නොවූ බවයි.

පියුමිගේ යහළුවන් පිරිසක් සහ ඔවුන් අතර සිදුවූ වචන හුවමාරුවක් නිසා එම සිදුවීම වුණ බවත් පැවසූ ඇය මාධ්‍ය ආයතනවල සාමාජිකයන් පිරිසකට යැයි කියන කථාව අසත්‍යයක් බවත් කියා සිටියා.

ඇයගේ නම මෙම පහරදීමට සම්බන්ධ කිරීමට බොහෝ මාධ්‍ය උත්සාහ දරණ බවත් ඇය එම චෝදනාවන් ප්‍රතික්ෂේප කරන බවත් වෙබ් ගොසිප් වෙත වැඩිදුරටත් කියා සිටියා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!