Gossip

ලීක් කරපු වීඩියෝ එක නිසා මම මානසිකව වැටුණා, සම්පූර්ණ වීඩියෝව දැක්කොත් ඕන කෙනෙක්ට හොයාගන්න පුළුවන් – පියුමි ශ්‍රීනායක

පියුමි ශ්‍රී නායක කියන නම පසුගිය දවස්වල ලොකු කතාබහක් ඇති කළා.
ඒකට හේතුව තමයි ඇය රඟපෑ අඩ නිරුවත් මියුසික් වීඩියෝ නිසා.
මේ අතර ඇගේ බව කියන ලීක් වුණ වීඩියෝවක් නැවතත් සමාජ මාධ්‍යවල කතාබහක් ඇති වී තිබෙනවා.
ඒ දේවල් ගැන පියුමි සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ මේ විදිහට.

පියුමි මොකක්ද මේ ලීක් කරගත්ත වීඩියෝව?
ඒක මම ලීක් කරගත්ත වීඩියෝ එකක් නෙමෙයි. මට ඒ වගේ පහත් තත්ත්වයකට වැටෙන්න කිසිම වුවමනාවක් නැහැ.
මම දැන් ඉන්න තත්ත්වය අනුව මගේ ක්ෂේත්‍රයේ මට හොඳ තැනක් තියෙනවා. ඉස්සරහටත් මම හොඳ වැඩ භාරගෙන තියෙනවා. මට හොඳ අනාගතයක් තියෙද්දි ඒ වගේ පහත් වැඩක් කරලා මගේ නම කැත කරගන්නේ නැහැ. ඒක කවදාවත් වෙන්නෙත් නෑ. ඒක මගේ වීඩියෝවක් නෙමෙයි.

හැබැයි සමාජ මාධ්‍යවල පැතිරෙන්නේ ඒ ඔයාගේ වීඩියෝවක් විදිහට
ගොසිප් පේජ් ගොඩක මම ඒක දැක්කා. මම ඒ අයට ප්‍රයිවට් මැසේජ් දැම්මා ඒක ඉවත් කරගන්න කියලා. මගේ යාළුවෙක් මගේ ඉන්බොක්ස් එකට දාලා තිබුණා ඒ වීඩියෝවේ සම්පූර්ණ වීඩියෝව. ඇත්තටම ඒ වීඩියෝවේ ඉන්නේ ඉන්දියන් ගෑනු ළමයෙක්.
ඒ ගැහැනු ළමයාගේ ෆීචර්ස් මං වගේ. මං වගේ පේන තැන් කැප්චර් කරලා ඒ වීඩියෝ කොටසක් තමයි අප්ලෝඩ් කරලා තිබ්බේ.

ඒ කියන්නේ සම්පූර්ණ වීඩියෝවෙන් හඳුනගන්න පුළුවන්ද ඒ පියුමි නෙමෙයි කියලා?
සම්පූර්ණ වීඩියෝව දැක්කොත් ඕන කෙනෙක්ට හොයා ගන්න පුළුවන් ඒ මම නෙමෙයි කියලා. ඒ සම්පූර්ණ වීඩියෝ එක මං ළඟ තියෙනවා. මම නෙමෙයි ඒ වීඩියෝවේ ඉන්නේ කියලා මට ඔප්පු කරන්න පුළුවන්.

මේ වීඩියෝව ගැන පියුමිට කොහොමද මුලින්ම දැන ගන්න ලැබුණේ?
සදේශ් බණ්ඩාර මට මැසේජ් කරලා තිබුණා මට මඩක් යනවා කියලා. ඒ ඔයා නෙමෙයි නිසා ඒක ඉක්මනට නිවැරදි කරන්න live වීඩියෝවක් දාන්න කිව්වා.
මට එයා ඒ පෝස්ට් එකේ ලින්ක් එකත් එවලා තිබ්බා. මම හිතුවේ මගේ ෆොටෝ එකක් එඩිට් කරලා දාලා කියලා. මම සියයට පන්සියයක් දන්නවා මම ඒ තත්ත්වයේ ගෑනියෙක් නෙමෙයි කියලා. මම හොඳ පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක්.
වීඩියෝ එකේ ලින්ක් එකත් සදේශ් එව්වා. ඒ වීඩියෝව බලද්දී තේරෙනවා ඒ මම නෙමෙයි කියලා.
මම හස්බන්ඩ් යටතේ ඉන්න කෙනෙක්. මට ඒ වගේ පහත් තැනකට වැටෙන්න කිසිම වුවමනාවක් නැහැ.

සැමියාගෙන් මේ සිද්ධියේදී මොන වගේ ප්‍රතිචාරයක්ද ලැබුණේ?
මගේ හස්බන්ඩ් කොහොමත් මාව විශ්වාස කරනවා. මම ෂූටින් ගියත් මම කොහේ ගියත් මගේ පස්සෙන්ම හස්බන්ඩ් ඉන්නවා.
එයාගේ බිස්නස් අනුව මගෙත් එක්ක වැඩවලට එයාට එන්න පුළුවන්. මම තනියම කොහේවත් යන්නේ නෑ. මම කවදාවත් ඒ වගේ පහත් වැඩ කරන්නේ නෑ කියලා එයා දන්නවා.
ඒ නිසා එයා කිව්වා ඔයා ගැන මිනිස්සු වැරැදියට හිතයි. ඒ නිසා ඒ ඉන්නේ ඔයා නෙමෙයි කියලා වීඩියෝවක් දාන්න කියලා. මම මානසිකව වැටිලා හිටියට එයා මගේ හිත හැදුවා.

මේ වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ නැද්ද?
මම හඳුනන සී.අයි.ඩී. එකේ අය ඉන්නවා. ඒ හැමෝටම මම මේ ගැන කියලා තියෙන්නේ. ඒ පේජ් කරන්නේ කවුද කියලා මම හොයා ගන්නවා. දැනටමත් මම ඒ ගැන හොයන්න ඔවුන්ට භාර දීලා තියෙන්නේ.

පහුගිය කාලේ පුරාවට ජනප්‍රිය චරිතවල වීඩියෝ ලීක් කරනවා කියලා ඔය වගේ දේවල් කළා. දැන් පියුමිවත් බොහෝ අය ගොසිප් කැරැක්ටර් එකක් කරගෙන නේද?
බොහෝ අය මාව ගොසිප් කැරැක්ටර් එකක් කරගත්තා. අපි මොකක් හරි දෙයක ඇක්ට් කළාම සමහරු අපිව විනිශ්චය කරන්නේ අමුතු විදිහට. පෞද්ගලික ජීවිතයේදීත් අපි රඟපාන චරිත වගේ කියලා ඒ අය හිතන්නේ. පිටරටවල නිළියන්ට මොන රංගනයන් කළත් මේ වගේ බලපෑම් නැහැ. ලංකාවේ මම කරපු මියුසික් වීඩියෝ දෙකක් නිසා මට ගොසිප් හැදුණා. මිනිස්සු අතරට මගේ නම ගියා. ඒ නිසා ගොඩක් අයට මගේ මුහුණ මතකයේ තිබ්බා. ඒ නිසා මේ විඩියෝවෙන් මං වගේ කෙනෙක්නේ කියලා මතක් වෙලා මඩක් ගහන්න ඒ දේ කරන්න ඇති. ඕක තමයි ලංකාවේ මිනිස්සුන්ගේ පහත් තත්ත්වය.

පියුමිව බොහෝ දෙනෙක් හඳුනාගත්තේ සරාගී මියුසික් වීඩියෝ නිසා. ඒ වීඩියෝවල රඟ නොපෑවා නම් හොඳයි කියලා දැන් හිතෙනවාද?

මේ වගේ පීඩනයන් එද්දී, මට නරක කමෙන්ට්ස් දෙද්දී ඒවා නොකර හිටියා නම් හොඳයි කියලා මට එක වෙලාවකට හිතෙනවා. මට එදා එහෙම නොහිතුණේ මම ඒ වීඩියෝ දෙක කළාම ප්‍රේක්ෂකයෝ ඒක දිහා නරක විදිහට නොබලා එය කලාත්මක විදිහට බලයි කියලා හිතුණා. නමුත් අද වෙද්දී මගේ නම කැතවෙලා කියලා මට දැනෙද්දී ඒ වීඩියෝ කරද්දී දෙපාරක් තුන්පාරක් මට හිතන්න තිබ්බනේ කියලා හිතුණා.

නැවත ඒ වගේ සරාගී මියුසික් වීඩියෝවල පියුමි පෙනී සිටින්නේ නැද්ද?
ඉදිරියට මම කොහොමවත් ඒ වගේ වීඩියෝ කරන්නේ නැහැ. මොකද මම ජීවත් වෙන්නේ ලංකාවේ. ලංකාවේ මිනිස්සුන්ගේ මනස තව අවුරුදු සියයක් ගියත් හදන්න බෑ.
ලංකාවේ මිනිස්සු එක තැන පල් වෙනවා. ඔවුන්ගේ මානසිකත්වය හිතන පතන දේවල්වලින් ඔවුන්ව ගොඩගන්න බෑ. කන් නෑසෙන මිනිස්සුන්ට වීණා වාදනය කරනවට වඩා පැත්තකට වෙලා ඉන්නවා නම් හොඳයි කියලා මට හිතුණා. ඉදිරියේදී මම කරන්නේ හොඳ නිර්මාණ විතරයි.
මම ඒ වගේ නිර්මාණවලට ආයෙත් සම්බන්ධ වෙන්නේ නැහැ. කරපු දේවල් අපරාදේ කියලා දැන් මට හිතෙනවා.

ඒ කියන්නේ පියුමි හිතනවා ඒ කළ දේවල් හොඳ තත්ත්වයේ නිර්මාණ නෙමෙයි කියලා?
ඒ කළ නිර්මාණ හොඳ තත්ත්වයේ නිර්මාණ. ඒවා නිර්මාණාත්මක දේවල්. නමුත් මිනිස්සු ඒක බලන්නේ වැරදි විදිහට. තමන්ගේ කාම ආශාව හිතේ තියාගෙන තමයි වීඩියෝව බලන්නේ. ක්ලියෝපැට්රා ගීතය ගත්තත් ඒකෙ පද මිනිස්සුන්ට මතක නැහැ. මතක තියෙන්නේ මියුසික් වීඩියෝවේ තියෙන අඩ නිරුවත් දර්ශන විතරයි.
පියුමිගේ අඩ නිරුවත් දර්ශන තියෙනවනේ කියලා තමයි බලන්නේ. ඒක ඒ මිනිස්සුන්ගේ මානසිකත්වය.
ඒකෙ තියෙන කියවීම ගැන බලන්නේ නෑ. මිනිස්සු බලන්නේ හෙලුව විතරයි. ඒ තරම් ඒ මිනිස්සුන්ගේ හිත දූෂණය වෙලා.

දැන් ටෙලි තිරයටත් පියුම් සම්බන්ධ වෙලා නේද?
දැනට ටෙලිඩ්‍රාමා හතරක් භාරගෙන තියෙනවා. ඔන්න ඔහේ මෙන්න මෙහේ කියන ටෙලි නාට්‍ය ළඟදී විකාශය වෙනවා. අනෙක් ටෙලි නාට්‍යවල රූගත කිරීම් මේ දවස්වල සිද්ධ වෙනවා.

සරාගී මියුසික් වීඩියෝවලින් දැකපු පියුමිට වෙනස් වෙන්න නිර්මාණකරුවෝ අවස්ථාව දීලා වගේ?
ඔව්. මට වෙනස් වෙන්න චාන්ස් එකක් දීලා තියෙනවා. ටෙලි ඩ්‍රාමා අධ්‍යක්ෂවරු මට පැහැදිලි කළා ලංකාවේ මිනිස්සුන්ට ඔය වගේ නිර්මාණ හරියන්නේ නැහැ කියලා. මගේ හැකියාව පෙන්වන්න චාන්ස් එකක් දෙනවා කියලා ඒ අය කිව්වා. මට හොඳ හැකියාවක් තියෙනවා කියලා ඔවුන් දන්නවා. ඒ නිසා මට ලැබුණ අවස්ථාවලට මම සම්බන්ධ වුණා. අඩ නිරුවත්, නිරුවත් දර්ශන මම ඉදිරියට භාර ගන්නේ නැහැ.

කලාත්මක නිර්මාණයක් වෙනුවෙන්වත් අඩ නිරුවත් හෝ නිරුවත් වෙන්න ඔබ සූදානම් නැද්ද?
නැහැ. දැනට මේ තියෙන තත්ත්වය අනුව මම ඒකට සූදානම් නැහැ. මං වගේ කියලා ලීක් කරපු වීඩියෝ එක නිසා මම මානසිකව වැටුණ නිසා මම මේ තීරණයේ ඉන්නවා ඇති. නමුත් මම ඉදිරියේදී බලනවා නිර්මාණයක් එක්ක මොකද කරන්න පුළුවන් කියලා.

මේ සිද්ධිය නිසා පියුමිගේ ජීවිතයට ලොකු කැළලක් එකතු වුණානේ. ඒකෙන් මිදෙන්න පහසු වෙයිද?
මාධ්‍යවලින් මට ලොකු උදව්වක් ලැබුණා. ඒ වගේම ෆේස්බුක් මිතුරන්ගෙනුත් මට ලොකු සහායක් ලැබුණා. මං ගැන දන්නා අය දන්නවා. මම ඒ වගේ චරිතයක් නෙමෙයි, ඒ වීඩියෝ එකත් මගේ නෙමෙයි කියලා. මේ සිද්ධියෙන් මට කැළලක් වුණා. මේක නිවැරදි කරන්න කලින් ගොඩක් අය හිතුවේ ඒ වීඩියෝවේ ඉන්නේ මම කියලා. වැදගත් වෙබ් සයිට්වලට මම ඇත්ත වීඩියෝව දීලා තියෙනවා. එයාලා මට උදව්වක් විදියට ඒක නිවැරදි කරන්න දාන්නම් කිව්වා. ඉදිරියේදී හැමෝම පිළිගනියි මම නිවැරැදියි කියලා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!