Gossip News

ඇප දෙන්න පැමිණි විවාහක කත, ඇඳ වැටී මියයයි

විදේශ ගමන් බලපත‍්‍ර වංචාවක සැකකරුවකු වශයෙන් රිමාන්ඞ් භාරයේ පසු වූ තම ඥාතියකු වෙනුවෙන් ඇප තැබීම සඳහා මීගමුව අධිකරණ සංකීර්ණය වෙත පැමිණ ඇප පෝළිමේ රැඳී සිටි 55 හැවිරිදි විවාහක කතක් ඇප පෝළිමේදී ඇද වැටී ඊයේ (8 ) දහවල් මරණයට පත්විය.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ ආණමඩුව කිරිහට්ටිකුලම පදිංචිව සිටි එම්. එම්. අනුලාවතී (55) නමැති විවාහක කතයි.

ඇය ඇප තැබීම සඳහා මීගමුව අධිකරණ සංකීර්ණය වෙත පැමිණි අවස්ථාවේ තමා පපුවේ අමාරුවෙන් පසුවන බව පවසා ඇගේ මරණයත් සමග ඇප පෝළිම ප‍්‍රදේශය විෂබීජහරණයට ලක්කර ඇත. ඇගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වෙන තුරු මෘත දේහය මීගමුව දිස්ති‍්‍රක් මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!