Gossip News

ධම්මික බණ්ඩාර මහතාගේ කොරෝනා ඖෂධයට ඇතැමුන් විරුද්ධ වෙද්දි, රජය විසින් ගත් තීරණය මෙන්න

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති කොරෝනා ඖෂධයට තම සහයෝගය ලබාදීමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

එම ඖෂධය සාර්ථක නම් එය රටක් ලෙස ආඩම්බරයට ගෞරවයට කාරණාවක් බව ද සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

එම ඔෂධයෙන් කොරෝනා සුව වන්නේ නම් එය සමස්ථ ලෝකයේම ජයග‍්‍රහණයක් යයිද ඒ මහතා අවධාරණය කරයි.

දේශීය වෛද්‍ය ක‍්‍රමයක් හෝ ඕනෑම ක‍්‍රමයකින් වසංගතය සුව කල හැකි නම් බටහිර වෛද්‍යවරුන් ලෙස ඒ සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් නැතැයි ද ඒ මහතා තව දුරටත් කියා සිටියා.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!