තරු හුට පට

ගුවනින් යන්න ඔන්න මෙන්න තිබියදී යටින් ඇවිළුණු ගින්න

1 2 3 4 5 6 7 8 9 10

අමෙරිකාවේ, ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් ගුවන් ගත වීමට සුදානම් වූ මගී ජෙට් යානයක් එකවරම ගිනි ගැනීමත් සමග එහි සිටි මගී හිස හැරුණු අතේ දිවගිය පුවතක් වාර්තා වෙනවා.

මෙම සිද්ධිය ඊයේ (29) සිදුව ඇති අතර ෆ්ලෝරිඩා හි ලවුඩර්ඩේල් – හොලිවුඩ් නැමැති ගුවන් තොටුපළේ අනතුර සිදුව ඇත.

ඒ වන විට මගීන් 101 දෙනෙකු  යානයේ සිට ඇති අතර යානය එකවරම ගිනි ගැනීමත් සමග මගීන් ඉන් එළියට පැන දිවගොස් තිබේ. එම අවස්ථාවේ මගීන් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවත්, එක් මගියෙකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා ඇති බවත්, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙය කුඩා ප්‍රමාණයේ ගුවන් යානයක් වන අතර එහි ගමනාන්තය වෙනිසියුලාව බවත්,  අනතුරට හේතුව ගුවන් යානයේ එංජිමේ ඉන්ධන කාන්දුවක් විය හැකි බවත්, බලධාරීන් සැකකරයි.

පහත වීඩියෝව බලන්න.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!