තරු හුට පට

ඉන්දීය පෙම්වතාගේ සල්ලිවලින් අක්ෂා තරු පහේ හෝටල්වලින් කෑ හැටි

200

ඉන්දීය ජාතික පෙම්වතාගේ කෝටි ගණනක මුදලක් සිය මිතුරන් සමග තරු ‍පහේ හෝටල්වලට ගොස් වියදම් කළේ යැයි මූල්‍ය වංචාවකට චෝදනා ලැබ සිටින අක්ෂා සුදාරි නැමැති නිළිය විසින් ප්‍රකාශයක් ලබාදී ඇතැයි රහස් පොලීසිය උසාවියට දැනුම්දී තිබේ.

ඒ තමාගේ මුදල් ලබා ගනිමින් විශ්වාසය කඩ කළ බවට ඉන්දීය ජාතිකයකු වන ගෝපිරාජ් නමැත්තාගේ පෙත්සම ඊයේ යළි විභාගයට ගත් අවස්ථාවේදීය.මෙලෙස චෝදනා ලබා සිටින්නේ බොරලැස්ගමුව, රත්නපිටිය, අන්දිරිස් මාවත, අංක 70/15 නිවෙසේ පදිංචි ගමගේ ආශා කුමාරි නොහොත් ආක්ෂා සුධාරි මෙනෙවියයි.

ඉන්දීය ජාතික කේ.පී. ගෝපිරාජ් නැමැත්තා රහස් පොලිසිය වෙත කර තිබූ පැමිණිල්ලකට අනුව කොළඹ මහේස්ත්‍රාත් උසාවියේ මෙම නඩුව විභාග වෙයි.රහස් පොලීසිය ඊයේ අධිකරණයට දැනුම්දී සිටියේ සැකකාර නිළිය ඉන්දියන් ජාතිකයකුගෙන් රුපියල් කෝටි 14කට අධික මුදලක් ඇගේ මිතුරන් සමග තරුපහේ හෝටල්වලට ගොස් වියදම් කළ බවට ප්‍රකාශයක් ලබාදී ඇති බවට ඇය විසින් ප්‍රකාශයක් ලබාදී ඇති බවයි.

අදාළ මුදල් තමා විසින් එදිනෙදා වියදම් සඳහා යොදාගත් බවත්, මිල අධික ඇඳුම් පැළඳුම් සහ භාණ්ඩ මිලට ගැනීමත් සිදුකරන ලදැයි ඇය විසින් වැඩිදුරටත් ප්‍රකාශ ලබාදී ඇති බව රහස් පොලිසිය උසාවියට දන්වා තිබෙනවා.ඉන්දියාවේ පදිංචි ගෝපිරාජ් කවලන්ගිල් වඩකිප් නමැති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එම්.බි. පෙට්‍රෝලියම් ආයතනයේ ප්‍රධාන ගණකාධිකාරිවරයා සමග ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන යමින් ඔහුගේ මුදල් වංචා කළ බව මෙම නඩුවට අදාළ පැමිණිල්ලේ සඳහන් වෙනවා.

ඒ අනූව ආක්ෂා සුධාරි මෙනෙවියගේ අංක 009810396857 දරන හැටන් නැෂනල් බැංකු ගිණුමට ඇමෙරිකන් ඩොලර් 98,000ක්ද අංක 703020021399 දරන හැටන් නැෂනල් බැංකු ගිණුමට රුපියල් ලක්ෂ 24ක්ද වශයෙන් ගෝපිරාජ් නමැති අය ඩුබායි සිට මුදල් එවා ඇති බව අනාවරණය වී ඇතැයි රහස් පොලිසිය දැනුම්දී තිබෙනවා.එම මුදල් තමාගේ එදිනෙදා වියදම් සඳහා ගෝපිරාජ් විසින් එවන ලද මුදල් බැවින් ඒවා තම එදිනෙදා වියදම් සඳහා යොදාගත් බව ආක්ෂා සුධාරි මෙනෙවිය ප‍්‍රකාශ කර ඇතැයිද රහස් පොලීසිය අධිකරණයට දන්වා තිබෙනවා.

එම ඉන්දීය ජාතිකයාගෙන් රුපියල් කෝටි 14කට අධික මුදලක් ලබාගෙන සාපරාධී විශ්වාසය කඩ කරන ලදැයි කියන සිද්ධියකට අදාළව ඉකුත් ජූලි 13 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටි සැකකාරිය රුපියල් ලක්‍ෂ 30ක ශරීර ඇප සහ රුපියල් 25,000ක මුදල් ඇප මත මුදාහරින ලෙස උසාවිය පසුගියදා නියෝග කර තිබුණා.එසේම සැකකාරියගේ විදේශ ගමන් තහනම් කර ඇති උසාවිය ඇප තැබීමෙන් අනතුරුව සෑම ඉරිදා දිනකම පෙරවරු 9ත් 12ත් අතර රහස් පොලිසියේ පෙනී සිටින ලෙසද නියෝග කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!