Gossip

පාර්ලිමේන්තුවට ආපු පොලිස් නිළධාරීන්ගේ අංක නොතිබුනේ ඇයි? – මෙන්න ඇත්ත

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා නිසා ඊයේ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඇති වුණා.

මේ උණුසුම් තත්වයට‍ හේතුව වුනේ පාර්ලිමේන්තුව තුළ ස්‌වාධීනව සිටීමට විමල් වීරවංශ මන්ත්‍රීවරයා කළ ඉල්ලීම කථානායකවරයා විසින් ප්‍රතික්ෂේප කිරීමයි.

මෙහිදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සභාවේ කටයුතුවලට දිගින් දිගටම බාධා කිරීම නිසා ඔහුව පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට කථානායකවරයා නියෝග කළා. එහෙත් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සභාගැබෙන් ඉවත් වුනේ නැහැ.

මේ හේතුව නිසාවෙන් පාර්ලිමේන්තු සභාගැබට පොලිසිය කැඳවනු ලැබුවා.

එහෙත් මෙසේ පැමිණි පොලිස් නිළධාරීන් කැලැ පොලිසියක් යැයි කියමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු ඒකාබද්ධ මන්ත්‍රීවරුන් කැගසන්නට වුණා.

ඒ ඔවුන් අංක තහඩු නොමැතිව පැමිණීම හේතුවෙන්.

කෙසේවෙතත්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සභා ගැබෙන් ඉවත් කරන විට සම්ප්‍රදායක් ලෙස පොලිසිය පැමිණෙන්නේ ඔවුන්ගේ අංක තහඩු සහ බෙල්ට් නොමැතිවයි.

එම නිසා පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව පොලිස් නිළධාරීන් පැමිණි බව එහිදී ප්‍රකාශවුණා.

අවසානයේදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට සභාගැබෙන් ඉවත්ව යාමට සිදුවු අතර සතියක් පාර්ලිමේන්තුවද තහනම් විය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!