Gossip

පැරෂුට් පුහුණුවකදී සෙබළියක් විදුලි රැහැනක ගැටෙයි- හද කම්පාකාරි අනතුර

ඇඹිලිපිටියේ පසුගියදා (01) පැවති යුද හමුදා පැරෂුට්‌ පුහුණුවකදී සිදුවූ අනතුරකින් හමුදා සෙබළියක හා කොමාන්ඩෝ බළකායේ කපිතාන්වරයකු තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

පුහුණුවීම් අතරුතුර පැරෂුට්‌ පිම්ම පනිමින් සිටියදී යුද හමුදා සෙබළිය ප්‍රදේශයේ වූ අධිබල විදුලි රැහැනක පැටලීමෙන් හා කපිතාන්වරයා පිම්ම අවසානයේ පාදයක්‌ ආබාධයට ලක්‌වීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අධිබල විදුලි රැහැනේ පැටළුණු හමුදා සෙබළියගේ පාදයකට හා අතකට පිළිස්‌සුම් තුවාල සිදුව ඇති අතර දෙදෙනාගේම තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. තුවාල ලැබූ කපිතාන් එච්. එන්. එස්. එස්. විජේසූරිය රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.

කපිතාන්වරයාගේ එක් පාදයකට බලවත් හානි සිදුවී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!